• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් මණ්ඩලය තුළ මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය ගැන තීන්දු ගන්නා තැනක් නොවෙයි – ඇමැති විමල් කියයි

13 November 2020
in දේශීය

කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බව ජාතික නිදහස් පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බව හෙතෙම පැවසිය.

වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලඹේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000/- දීමනාව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

කොවිඩ් -19 රෝගය යමකුට වැළදෙන්නේ හෝ එමගින් මිය යන්නේ ජාති – කුල – මල ආගම් භේද බලමින් නොවන නිසා එම භේද පෙරට දමමින් එය තම දේශපාලනයට යොදා ගැනීම කවරකු විසින් හෝ නොකළ යුතු බවට ද මෙහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

කතෝලික ජනතාවගේ ද මෘතදේහ භූමදාන කිරීම බයිබලයෙහි සඳහන් වූවත් එවැනි ඉල්ලීම් මෙම බරපතළ වසංගත තත්වය හමුවේ එම සමාජයෙන් ඉදිරිපත් නොවන බවත් එවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ පැවතියා නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ලෝක වසංගත තත්වය හමුවේ ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෘතදේහවලට කළ යුතු දේ ගැන විවාද කිරීම පසෙක දමා මේ මොහොතේ මේ රටේ ජනතාව කොවිඩ් -19 වසංගතයෙන් මුදවා ගැනීමට පටු වාද භේද අතහැර සියලු ශ්‍රී ලාංකිකයන් අත්වැල් බැඳගත යුතු බව ද වීරවංශ ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

Next Post

තොන්ඩමන් පාරේ බිත්තියක් කඩා වැටී දරුවෙකු මරුට

editor

editor

Next Post

තොන්ඩමන් පාරේ බිත්තියක් කඩා වැටී දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved