• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

13 ගැන අද ජාජබ නායකයින් නිහඩයි – මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

25 July 2023
in දේශීය

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම සම්බන්ධයෙන් අද ජාතික ජන බලවේගයේ නායකයන් ඒ පිළිබඳව තම මතය නොකියා සැඟවෙන බවත් ඔවුන්ට ඒ පිළිබඳව තනි මතයක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
‍
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසනවා, ‘පොලිස් බලතල ලබාදීම පසුව සලකා බලන තෙක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් අනෙකුත් සියලු බලතල ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා’ කියා. ඒ අනුව අපට පෙනී යන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද කුට්ටිය ලබා ගැනීමේ උවමනාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ කටයුතු කරමින් සිටින බවයි. ඒ වගේම සුමන්තිරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන් ආර්ථික අර්බුදයකට රට පත්ව ඇති මේ මොහොතේ, ‘ජනාධිපතිවරණයක් ඒවි’ කියලා දකින විට ‘බොර දියේ මාළු බාන්න’ සැරසෙන බවත් අපට පෙනී යනවා.

ජනතාවට අවශ්‍ය 13 නොවෙයි

13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ වගේම, ජනතාව ඒ සඳහා ඉදිරියේදී ජනවරමක් ලබා දෙන්නෙත් නැහැ. ජනතාවට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ 13 නොවෙයි; ඔවුන්ට තිබෙන්නේ ජීවත්වීමේ ප්‍රශ්නයයි. ඒ නිසා රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාවයි. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරලා ඊට පසුවයි සංහිඳියාව ගැන අවධානය යොමු කළ යුත්තේ. ජනාධිපතිවරයා ‘සංහිඳියාව’ ඇති කිරීමට දැනටමත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. අපි නම් විශ්වාස කරන්නේ නැහැ, බලතල බෙදීමකින් සැබෑ සංහිඳියාවක් ඇති කළ හැකියි, කියා. සංහිඳියාව ජනතා සිත් සතන් තුළයි ඇති කළ යුත්තේ. 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් පසුව මුලින්ම ඇති වන්නේ නැගෙනහිර මුස්ලිම් හා දෙමළ ජනතාව අතර ඉඩම් පිළිබඳව මරාගැනිල්ලක් මිස සංහිඳියාවක් නොවෙයි. 13 පූර්ණ වශයෙන් බලාත්මක කළොත් තිබෙන සංහිඳියාවත් සම්පූර්ණයෙන්ම අහිමි වීමට පුළුවන්. ‘මේ බංකොලොත්භාවයෙන් රට ගලවාගෙන සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම ගොඩයමු!’ කියන විශ්වාසය ජනතාව තුළ ඇති කිරීමයි, මේ මොහොතේ පාලකයන් කළ යුත්තේ. එහෙම කළොත් සියලු ජනකොටස්වලට සැබෑ සංහිඳියාව හිමිවේවි.

හරිනි සහ ටිල්වින් මත දෙකක

’13 පූර්ණ ලෙස බලාත්මක කරන්න ඕනේ’ කියන කතාව ඇහුණාම අද ජාතික ජන බලවේගය නායකයෝ සැඟවෙනවා. ඔවුන්ට දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක මතයක් නැහැ. මීට ඉහතදී හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ‘දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ යුතුයි’ කියා කීවා. ඒ ගැන එදා ජවිපෙ නායකයන් නිහඬව සිටියා. දැන් ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ඇති මේ මොහොතේ, ‘පොලිස් බලතල පසුව සලකා බලන තෙක් දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් අන් සියලු බලතල ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකගව තිබෙනවා’ කියා සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන විට හරිනි අමරසූරිය ඉන්නේ ඉහත කී මතයේමද? ඒ වගේම එක මතයක් කියන්න බැරි නිසා අපි ටිල්වින් සිල්වාගෙන් අහනවා, ’13 පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැන ඔබගේ මතය කුමක්ද?’ කියා. මාලිමාවෙන් සහ සීනුවෙන් අපි එක මතයක් බලාපොරොත්තු වන එක වැරදියිනේ. එයාලාට අද එක මතයක් නැහැනේ. ‘අපි සර්ව පාක්ෂික සමුළුවට එන්නේ නැහැ’ කියා සුනිල් හඳුන්නෙත්ති කියන්නෙත් මේ තීරණාත්මක ප්‍රශ්නය ගැන මේ දෙගොල්ලට එක මතයක් නැති නිසයි. ‘වටේ ප්‍රශ්න’ ගැන ‘පොර ටෝක්’ දෙමින් කේන්ද්‍රීය ප්‍රශ්න මගහැර යන දේශපාලනයක් තමයි අද මෙයාලා කරන්නේ. මේ විදියට කේන්ද්‍රීය ප්‍රශ්න මගහරිමින්, අලංකාර සටන් පාඨ කියමින් යන දේශපාලන ව්‍යාපාරයක ගමන කෙටි බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඖෂධ මාෆියාවේ උවමනාව ඉටු කරන සෞඛ්‍ය ඇමති

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දියාරු පාලනය හා ප්‍රකාශ හේතුවෙන් රජයේ සෞඛ්‍ය සේවාව, අද වඩවඩාත් අර්බුදයට යමින් තිබෙනවා. අද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා,’බෙහෙත් බාල බව කියන්න නිර්ණායක නැහැ’ කියා. එහෙම නම් ඕනෑම බෙහෙතක් ප්‍රමිතියෙන් තොරව රට තුළට ඒමට බාධාවක් නැහැනේ. අපට පෙනෙන්නේ මෙවැනි විහිළු කතා කියමින් සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ සෞඛ්‍ය සේවාව පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳදමන බවයි. ‘ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවාද? නැද්ද?’ කියන දෙගිඩියාව ජනතාව තුළ ඇති කිරීමට ඔහු දැනටමත් සමත් වෙලා තිබෙනවා. වසර දහස් ගණනක් පැරණි පොදු සෞඛ්‍ය පද්ධතියක් අපේ රට සතුයි. ඒ පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳවැට්ටවීම ඖෂධ මාෆියාවේ සහ පෞද්ගලික රෝහල් මාෆියාවේ උවමනාවයි. දැන් අපට පැහැදිලියි මේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ මාෆියාවේ උවමනාව ඉටු කරමින් සිටින බව. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාව සතු අයිතියක්. ඒක විනාශ කිරීමට ඉඩදීමට බැහැ. අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා, ‘ප්‍රශ්න උග්‍ර නොකර ඉල්ලා අස්වෙන්න’ කියා.

ජනතා මුදලින් “සෙල්ලම් දාන” ක්‍රිකට් ලොක්කෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව බොහෝ හෙළිදරව් කිරීම් සිදුව තිබෙනවා. එම ආයතනය පාර්ලිමේන්තුවට වග නොකියන නිසාත් ජනමාධ්‍ය හමුවේ තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු නොදෙන නිසාත් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අපි පසුගිය දිනවල දැක්කා, සිම්බාබ්වේ සංචාරයට ගිය අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හෝටල්වල ලොබිවල පැය ගණන් රස්තියාදු වන ආකාරය. නමුත් ඕස්ට්‍රේලියාවට නළු නිළියන් රැගෙන ගිය එක නම් ඉතා හොඳින් ‘කළමනාකරණය’ කර තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව පුළුල් ජනතා සංවාදයක් ඇති විය යුතුයි

තමන්ගේ මේ අක්‍රමිකතා හෙළිදරව් කරන හිරු හෝ වෙනත් මාධ්‍ය නාලිකාවක තරග විකාශය කිරීමේ අයිතියට අත තියන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට අයිතියක් නැහැ. මාධ්‍ය මගින් දැනුම්වත් වීම මේ රටේ සෑම පුරවැසියෙකුගේම පරම අයිතියක්. ඊට ඉහළින් යාමට ක්‍රිකට් පාලක මණ්ඩලයට බැහැ. ඒක අධිකරණය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක්. මේ තත්ත්වය හමුවේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ජනතාවට පිළිගත හැකි සාධාරණ පිළිතුරක් ලබා දිය යුතුයි.

අපි දැක තිබෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා අතර යම් යම් පරස්පරතා තිබෙනවා. නමුත් මේ විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලය හුරතල් නොකර වහාම මේ තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට ඔහු පියවර ගත යුතුයි. ඒ පරීක්ෂණ වාර්තාවට කලින් පරීක්ෂණ වාර්තාවලට සිදු වූ දෙය නොවිය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාව මේ තැනට ඔසවා තැබුවේ මේ රටේ ජනතාව. ඒ නිසා ජනතාවට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අයිතියක් තිබෙනවා, ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල්වලට මොකද වෙන්නේ?’ කියා දැනගැනීම යැයි මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

දේශපාලන උප්පරවැට්ටි නැතිව හරි විදිහට සාකච්ඡාවට එන්නැයි විපක්ෂනායක සජිත් ජනපතිට කියයි

Next Post

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

editor

editor

Next Post

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved