• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි

20 June 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය බහුජාතික සමූහ ව්‍යාපාරයක් මෙන්ම දැව ආලේපන වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, 2021/22 මූල්‍ය වර්ෂය තුළ බදු පසු ලාභය දෙගුණයක් දක්වා වර්ධනය කර ගනිමින් සිය සාර්ථකම මූල්‍ය වර්ෂය බවට මෙම වර්ෂය වාර්තා කිරීමට සමත්ව ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ වඩාත් අභියෝගාත්මක සහ අර්බුධකාරී ආර්ථික පරිසර තත්වයක් තුළ වුවද, එයට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය නිර්මාණය කර ගනිමින් ඒ සඳහා වන කාර්යසාධනයක නිරත වූ මෙම සමාගම, පෙර වසරේ වාර්තාකළ රුපියල් බිලියන 5.36ක ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

මෙයට අමතරව පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය හා සැසඳීමේ දී පසුගිය වසරේ වාර්තාකළ රුපියල් බිලියන 1.664 ක දළ ලාභ ආන්තිකය රුපියල් බිලියන 2.603 දක්වා 58% ක වර්ධනයක් හිමිකරගෙන ඇත. තවද පෙර වසරේ වාර්තාගත රුපියල් මිලියන 600ක් වූ බදු පසු ලාභය මෙම වසරේදී රුපියල් බිලියන 1.211දක්වා වූ 102%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනෙන තත්වයකි. විශේෂයෙන් අපනයන අංශය වෙත වැඩි අවධානයක් යොමු වීමේ ප්‍රතිඵලයක් විදිහට පෙර වසරේ වාර්තා කරගත් සමූහ අදායමෙන් 12%ක් වූ අපනයන ආදායම මෙම වසරේදී 23% දක්වා වර්ධනය කර ගැනීමට සමත් ව ඇත.

මෙම සමාලෝචිත කාල සීමාව තුළ යෙදවුම් පිරිවැය, උද්ධමනය සහ විදේශ විනිමය අස්ථාවරත්වය වැනි තත්වයන් හේතුවෙන් මෙහෙයුම් ලාභය 13% කට සීමා වූ අතර, වසර තුළදී සමාගමට සිය දළ ලාභ ආන්තිකය 29%ක පවත්වා ගැනීමට හැකි විය. කෙසේ වුවද සමාගමට මෙම වර්ෂය සඳහා සිය ආයෝජකයින් හට එක් කොටසකට රුපියල් 0.32 ක් සහ රුපියල් 0.25 ක් වටිනා වෙනම අන්තර්කාලීන ලාභාංශ ගෙවීම් දෙකක් සිදු කිරීමට හැකි විය. තවද මෙම කාලසීමාව තුළ ආදායම් අංශ වල වර්ධනය පිළිබඳ විශ්ලේෂණයෙන් දැව ආලේපන අංශය 61% කින් ද, තීන්ත අංශය (WHITE by JAT ඇතුලත්ව) 77% කින් ද බුරුසු අංශය 43% කින් ද වර්ධනය වී ඇති අතර, එහි විකුණුම් ඒකක සහ ආදායම යන දෙඅංශයෙහිම වර්ධනයක් හිමිකරගෙන ඇත.

ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කරමින් නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ඊලියන් ගුණවර්ධන මහතා පැවසුවේ, “අපගේ මූලික කොටස් නිකුතුවේදී අප විසින් ලබාදුන් අපගේ ප්‍රතිඥාවට අනුව අප සහ අපගේ පාර්ශ්වකරුවන් අතර ඇති බැඳීම අනුව අප කටයුතු කරන බව සතුටින් මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා. අපි පොරොන්දු වූ පරිදි බදු පසු ලාභය රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව අත්විඳින ලද බරපතලම ආර්ථික අර්බුදය මධ්‍යයේ අප මෙම සන්ධිස්ථානය ළඟා වීමට හැකිවීම සුවිශේෂ කරුණක් වෙනවා. ඒ වගේම JAT Holdings අසීරුතාවයන් හමුවේ වුවද අපේක්ෂිත වටිනාකමක් ලබා දෙමින් වර්තමාන පරිසරයට ගැලපෙන ව්‍යාපාරික උපාය මාර්ගයන්ගෙන් ශක්තිය ලබා දෙන අතර, එය අඛණ්ඩව අනාගතයට සහ ඉන් ඔබ්බට අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවද පවතිනවා. එමනිසා මෙය අපගේ ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට අප සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු වීමට මනා සාක්ෂියක් සහ සහතිකයක් වී තිබෙනවා.”
ස්ථාවරත්වය සහ ඉදිරි දැක්ම

JAT Holdings සමාගම වර්තමානයේදී ක්‍රමයෙන් වර්ධනය වන අභියෝග ඔස්සේ, හැකි සෑම මොහොතකම එම අභියෝගයන් අවස්ථා බවට පරිවර්තනය කරගනිමින් සිය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට සහ එම තත්වයට මුහුණදීම සඳහා අනාගතය ඉලක්ක පෙරදැරි කරගත් ව්‍යාපාරික උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරනු ඇත.

ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා පැවසුවේ, “අපගේ ව්‍යාපාරික උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වනුයේ කෙටි සහ මධ්‍ය කාලීන අපනයන ආදායම හැකිතාක් දුරට පුළුල් කිරීමේ දැක්මක් සහිතව අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සහ ජාත්‍යන්තර ව්‍යාපාර වෙත යොමුවීමයි. ඒකෙන් සමාගමට ස්ථාවරත්වයක් වගේම ඉලක්ක අභිබවා යාමේ හැකියාවකුත් නිර්මාණය වෙනවා. විශේෂයෙන් පෙර වසරේ 12% පමණ වුනු සමූහ අපනයන ආදායම 2021/22 මූල්‍ය වර්ෂය තුළ 23% ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම සැලකිය යුතු තත්වයකි වෙනවා.”

මෙම උපාය මාර්ගික කාර්යයට ශක්තියක් වීම සඳහා JAT Holdings PLC විසින් බංග්ලාදේශ වෙළෙඳපොළ තුළ නව නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම, නවීන පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් සැලසීම සහ සිල්ලර වෙළඳපොළ තුළ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීම වැනි විවිධ කාර්යයන් සඳහා මුල පිරීම් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. තවද, සමාගම අප්‍රිකාවේ සිය මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම සඳහා ද කටයුතු කරමින් සිටින අතර, එරට තුළ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටී. මෙම නව පහසුකම් සමග එක්ව ආදායම් සහ ආන්තික වර්ධනයට දායක වන අතරම කලාපීය වෙළෙඳපොළ තුළ සමාගමේ තත්ත්වය තවදුරටත් තහවුරු කරනු ඇත.

සමාගමේ නිෂ්පාදනාවලියට අනුව නිෂ්පාදන සම්පූර්ණ කිරීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් තොග සමාගම සතුව ඇති බැවින් ආනයන සීමා කිරීම් මගින් මෙම අංශයට කිසිදු බලපෑමක් නොවන බව JAT සමාගම විසින් ප්‍රකාශ කර ඇත. තවද BOI සමාගම් සම්බන්ධ ව්‍යාපෘති ඩොලරය හා සම්බන්ධ බැවින් ආනයන පාලනයන්ට යටත් නොවන අතර, එමනිසා මෙම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

අර්බුද අවම කිරීම

JAT Holdings PLC විසින් ශ්‍රී ලංකාවේ විවිධ අර්බුද හේතුවෙන් ව්‍යාපාරයන්ට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා තීරණාත්මක සහ මනාව සැලසුම් කළ පියවරයන් ගෙන ඇත. වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ෆර්ඩිනැන්ඩෝ මහතා පැවසුවේ, “වඩාත්ම වැදගත් දෙය නම් අවම වශයෙන් මාස 6 සිට 9 දක්වා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය තොග සුරක්ෂිත කර ගැනීමට අපට හැකි වී ඇති අතර, හැකිතාක් දුරට සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් සිදුවන අවහිරතාවයන් නැති කිරීම සහතික කිරීම සඳහා අපගේ අමුද්‍රව්‍ය තොග වර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.
එසේම, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නැංවීමට අමතරව, අපගේ මූලික කොටස් නිකුතුවේදී අප විසින් රැස් කරන ලද රුපියල් බිලියන 1.5 ක ප්‍රාග්ධනය, අපගේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වී ඇති අතර, එමඟින් ශුද්ධ මූල්‍ය පිරිවැය අඩු කිරීමට හැකිවීම මේ අවස්ථාවේ දී අපට සැලකිය යුතු සහනයක් ලබා දේ. ඉදිරියට ගමන් කරන විට වඩා හොඳ, වඩා ලාභදායී නිෂ්පාදනයන් සහ ගෙවන මුදලට වටිනා නිෂ්පාදනයන් සංවර්ධනය කිරීමට අපගේ පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් භාවිතා කරන අතරම ආදායම් වර්ධනය සඳහා හැකිතාක් අපගේවෙළඳපල කොටස වර්ධනය කරගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නෙමු. අර්බුද අවම කිරීම යන්නෙන් අපගේ සේවකයන් ගැන සොයා බැලීමද අදහස් වන අතර ඒ අනුව මෙම දුෂ්කරම අවස්ථාවේදී අපගේ සේවකයන්ට සුරක්ෂිත බවක් ලබා දීමට උපකාරී වන පුළුල් සහන පැකේජයක් අපි අපගේ සේවකයින් හට ලබාදී ඇත.”

සපුරාගත් අරමුණු

2021/22 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1.2 ක බදු පසු ලාභයක් ලබා දී තම මූලික කොටස් නිකුතුවේදී දුන් පොරොන්දුව ඉටු කර ඇති බව සඳහන් කිරීමට ලැබීම අපට සතුටකි. තවද සමාගම සිය මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් මත සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බංග්ලාදේශයේ අති නවීන නිෂ්පාදන මධ්‍යස්ථානය නියමිත කාලයට පෙර ඉදිකිරීම් අවසන් කිරීම හා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමද ඇතුළත් වේ. යෝජිත පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැපයුම් මධ්‍යස්ථානයද මනා ප්‍රගතියක් ලබමින් පවතින අතර 2022 සැප්තැම්බර් මස අවසන් වන විට එහි කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.

2022/23 මූල්‍ය වර්ෂය තුළදී JAT Holdings PLC අපනයන වෙලඳපොල කෙරෙහි අවධානය යොමු කරමින් සහ වසර තුළ සිය මූලික කොටස් නිකුතුවේ අරමුණු සම්පූර්ණ කර ගනිමින් ව්‍යාපාරයක් ලෙස සිය ස්ථාවරත්වය සහතික කිරීමට සමත්ව ඇත. එහි දක්ෂ කළමනාකරණ කණ්ඩායම සහ අනාගත කේන්ද්‍රගත ව්‍යාපාරික උපාය මාර්ගයන් මගින් මඟ පෙන්වනු ලබන සමාගම 2022/23 මූල්‍ය වර්ෂය තුළ ද ශක්තිමත් කාර්ය සාධනයක් ලබ ගැනීම වෙනුවෙන් සුවිශේෂ වූ සැළසුමක් ඔස්සේ ක්‍රියාත්මක වීමද සුවිශේෂ කරුණකි.

 

 

Post Views: 5
Previous Post

ගර්භනී මව්වරුන් 2400 ක් සදහා රුපියල් 15000 වටිනා වවුචර්පත් බෙදා දෙයි

Next Post

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

editor

editor

Next Post

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved