කම්කරු අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරී සරත් කලුගමගේ මහතාගේ මාමණ්ඩිය වූ ජේ.ඒ. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.
මාතර, ගල්බඩ පදිංචිව සිටි ඒ මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙකි. ඔහු සරත් කලුගමගේ මහතාගේ බිරිඳ වන තනුජා ප්‍රියංගනී මහත්මිය ඇතුළු දූ දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.
දේහය මේ වන විට මාතර, ගල්බඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (මැයි 01) සිකුරාදා සවස 4.00 ට තිහගොඩ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.













