• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වේවැල් කර්මාන්තයට සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල්

22 January 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වේවැල් කර්මාන්තය ඇතුළු ජනමූල කර්මාන්ත සඳහා මෙතෙක් පැවැති බොහෝ ආණ්ඩුවලින් නිසි අවධානයක් යොමු නොකළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා ඊයේ (21) වනාතවිල්ලුව, රාල්මඩුව ගම්මානය ආශ්‍රිතව වාණිජ වේවැල් වගාව ආරම්භ කරමින්, එම ගම්මානයේ ශිල්ප සමාජයක් පිහිටුවමින් එහි ශිල්පීන්ට හැඳුනුම්පත් හා උපකරණ ලබාදීම වෙනුවෙන් පැවති ‘සෞභාග්‍යයේ දැක්මෙන් වේවැල් කර්මාන්තයට ජයවේ !’ රාජ්‍ය උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

 

වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ජනමූල කර්මාන්ත ඍජුවම ඉලක්ක කරගත් රාජ්‍ය අමාත්‍යාංශ තුනක් පිහිටුවා එමගින් එම කර්මාන්තවලට ඓතිහාසිකව ඉටු නොවූ සාධාරණය ඉටු කර දීමට වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බව හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා ” ප්‍රාථමික කර්මාන්ත හෙවත් ජනමූල කර්මාන්තවලට මෙතෙක් බොහෝ ආණ්ඩුවල අවධානය යොමු වුණේ නැහැ. මේකට නිවැරදි වචනය ජනමූල කර්මාන්ත යන්න බව මගේ විශ්වාසයයි. විවිධ ප්‍රදේශවල වෙසෙන, විවිධ ජන කොටස්වල ශ්‍රම දායකත්වයෙන් බොහෝ කැපවීමෙන් සිදුකරන මේ ජන මූල කර්මාන්ත වෙත නිසි අවධානය යොමුකරලා ඒවාට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව තීන්දු කළේ පෙර ආණ්ඩුවලින් සිදු වූ ඒ අඩුපාඩුව සම්පූර්ණ කිරීමටයි. ඒ අනුවයි එකී ජන මූල කර්මාන්ත නඟාසිටුවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක් ද පිහිටුවන්නේ.
මෙම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීම තුළ මෙතෙක් ජනමූල කර්මාන්තවලට ඉටු නොවුණු සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා. අපට උවමනා මහා කර්මාන්ත ගොඩනැගෙන රටක් පමණක් නොවෙයි, ජනමූල කර්මාන්ත ද ප්‍රවර්ධනය වන රටක්. සම්ප්‍රදායික කලා හැකියාවන් ද යොදා ගනිමින්, ගෘහාශ්‍රිතව තම කර්මාන්තය පවත්වාගෙන යන මේ ජනමුල කර්මාන්තකරුවා සවිබලගැන්වීමේ වගකීම ඉහත රාජ්‍ය අමාත්‍යාංශ තුනට පැවරී තිබෙනවා. එම වගකීම ඉතාමත් හොඳින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමන්, ඒ යටතේ ඇති ජාතික ශිල්ප සභාව වැනි ආයතනවල සභාපතිතුමන්ලා විසින් ඉටු කරමින් සිටින බව පවසන්නේ ඉතාමත් සතුටින්.
ජනමූල කර්මාන්ත සඳහා නිසි පරිදි රාජ්‍ය අනුග්‍රහය, අවධානය නොලැබී යෑම නිසා එම සාම්ප්‍රදායික ජනමූල කර්මාන්ත පවත්වාගෙන ආ පවුල්වල ඉදිරි පරම්පරාවන් එම කර්මාන්තවල නියැලුණේ නැහැ. ඔවුන් රැකියා සොයාගෙන නගරයට ගියා. අද එහෙම වෙන්නේ නැහැ. එම ජනමූල කර්මාන්තවලට ඓතිහාසික ඉටු නොවුණු සාධාරණය ඉටු කිරීම සඳහා අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා හටත් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඒ වෙනුවෙන් වැඩ කිරීමේ වගකීම පවරා තිබෙනවා. ඒ වගකීම පැවරුණු අපි සියලුදෙනාම අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා මිත්‍රශීලීව ඊට සාධාරණය ඉටු කරමින් සිටින බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි.
2020 වසරේදී අපේම අයවැයක් තුළින් ජනතාවට සහන සැලැසීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් 2021 වසරේදී ක්‍රියාත්මක වන්නේ අපේ ආණ්ඩුවේ යෝජනා සහිත අපේම අයවැයක්. එමගින් වේවැල් කර්මාන්තයේ නියුතු ඔබට අවශ්‍ය උපකරණ ලබා දුන්නා සේ ජන සහන රැසක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ප්‍රසන්න රණවීර ඇමතිතුමන් ඒ සහනය 2021 ජනවාරියේදීම කඩිනමින් ඔබට ලබාදීමට සමත්ව තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්න කැමතියි, ‘වේවැල් කර්මාන්තයේ නියැලීම සඳහා වේවැල් කැපීමට යොමු වන මේ පිරිසට අපි ජාතික ශිල්ප සභාව විදිහට ශිල්පී හැඳුනුම්පතක් ද ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව ද සැලකිල්ලට ගෙන ඔවුනට තම කර්මාන්තය නීතිමය බාධාවකින් තොරව සිදුකරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න’ කියා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංරක්ෂණ නීති අනුව උණ ගහත් තවත් එක් ගහක්. එහෙත් ඉන්දියාවේ උණ ගස තෘණ ශාකයක් ලෙසයි සලකන්නේ. ලංකාවේ තුළ ද අදාළ පනත සංශෝධනය කරලා උණ ගස, තෘණ ශාකයක් ලෙස සැලකීමට අවශ්‍ය නීතිමය පසුබිම හදන ලෙස අපි දැනටමත් විෂය භාර අමාත්‍ය සී.බී රත්නායක මැතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. එවිට නිලධාරීන් හා උණ ගස ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන පිරිස් අතර අනවශ්‍ය ගැටුම් හා ප්‍රවාහන ගැටළු ඇතිවන්නේ නැහැ.
අපේ බලාපොරොත්තුව ජනමූල කර්මාන්තවල නියැලෙන පිරිසට රටේ නීතිමය පද්ධතියෙන් අනවශ්‍ය බාධාවක් ඇතිව තිබෙනවා නම් එය නීත්‍යනුකූලව නිවැරදි කරලා දීලා මෙම කර්මාන්ත අපේ රටේ ආර්ථිකයේ දැවැන්ත පංගුවක් නියෝජනය කරන තැනට ඔසවා තැබීමයි. “

මෙම රාජ්‍ය උළෙල අමතා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ද අදහස් දැක්වූහ.

Post Views: 2
Previous Post

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්

Next Post

“විස්කම් පියස” නව මුහුණුවරකින් ගෙන ඒමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැදිහත් වෙයි

editor

editor

Next Post

“විස්කම් පියස” නව මුහුණුවරකින් ගෙන ඒමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved