රුපියල් මිලියන 10.8කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි සැකකරුවන් ගුවන් තොටුපොළේ “හරිත මාවත” ඔස්සේ මෙම දුම්වැටි තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔවුන් සතුව තිබූ ගමන් මලු 06ක් පරීක්ෂා කිරීමේදී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 72,000ක් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















