දිවයිනේ ප්‍රථම වතාවට, මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණයින් වෙනුවෙන් සංවිධානය කරන ලද වෘත්තීය පුහුණු පාඨමාලාවක් සාර්ථකව අවසන් කළ පිරිසකට සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේදී සිදු විය. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය සහ කෑගල්ල කාර්මික විද්‍යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණේ බන්ධනාගාරගතව සිටින කාලය තුළ තරුණයින්ට වෘත්තීය නිපුණතාවක් ලබා දීමේ අරදිවයිනේ ප්‍රථම වතාවට, මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණයින් වෙනුවෙන් සංවිධානය කරන ලද වෘත්තීය පුහුණු පාඨමාලාවක් සාර්ථකව අවසන් කළ පිරිසකට සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේදී සිදු විය. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය සහ කෑගල්ල කාර්මික විද්‍යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණේ බන්ධනාගාරගතව සිටින කාලය තුළ තරුණයින්ට වෘත්තීය නිපුණතාවක් ලබා දීමේ අර#LkaNewsමුණිනි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තරුණයින් 15 දෙනෙකු කෑගල්ල කාර්මික විද්‍යාලයට බඳවාගෙන, මාස 3ක කාලයක් පුරා ගෘහස්ථ විදුලි කාර්මික පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දී තිබිණි. පාඨමාලාව අතරතුර තිදෙනෙකු ඇප මත මුදා හැරුණු අතර, ඉතිරි තරුණයින් 12 දෙනාම පාඨමාලාව සාර්ථකව අවසන් කර ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික පත්‍ර දිනා ගැනීමට සමත් වූහ.
බන්ධනාගාරගතව සිට ඇප මත සමාජයට යන තරුණයින්ට දෙස් විදෙස් රැකියා අවස්ථා ලබාගෙන යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වේ.
සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා කෑගල්ල කාර්මික විද්‍යාලයේ විදුහල්පති ඉංජිනේරු අජිත් තලපිටිය, සහකාර බන්ධනාගාර කොමසාරිස් වජිර එදිරිසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙය ලංකාවේ බන්ධනාගාර ක්‍රමය තුළ රැඳවියන් පුනරුත්ථාපනය කරමින් ඔවුන්ට වෘත්තීය අභිමානයක් ලබා දීමට ගත් සාර්ථක පියවරක් ලෙස සැලකේ.















