27 April 2024
#දේශීය

ඇමති සුදර්ශිනීගේ ජන්ම දිනය වෙනුවෙන් විහාර මන්දිරයකට මුල්ගල තබයි 

බෝලවලාන, ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය සදහා මුල්ගල තැබීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සුරතින් ඊයේ (29) දින සිදුවිය.

අමාත්‍යවරියගේ පෞද්ගිලක ධන පරිත්‍යාගයෙන් සහ 2021 විමධ්‍යගත අරමුදල් තුලින් මෙහි වැඩ ආරම්භ කිරීම සිදුවූ අතර ඉදිරි වැඩකටයුතු සදහා 2022 වර්ෂය සදහාද මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් කටයුතු 2022 වසරේ පැවැත්වීමට නියමිත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුණසමරුවට පෙර අවසන් කිරීමට තමන්ගේ අපේක්ෂාව බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කයිකාවල ඥානකන්සි නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් අනුශාසනාව සදහා කටියල වාළුකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කදිරාණේ ජනකඥාන නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර කටාන ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා කොඩිතුවක්කු මහත්මිය, කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන චාමින්ද ප්‍රියදර්ශන මහතා, ක්‍රිශාන්ත සිල්වාපුල්ලේ මහතා, මානෙල් කුමුදුනී මහත්මිය සහ කටාන පොලිස් ස්ථානාධිපති තුශාර සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *