• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න – තුසිත බාලසූරිය

30 August 2021
in දේශීය

ලෝකය පුරාම ස්වයංව ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිතා කරද්දී ආයුර්වේද ඖෂධයක් මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පුද්ගලිකව සහ පක්ෂයක් ලෙසත් මා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයක් සහිතව කංසා නීතිගත කරන ලෙසයි.

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

කංසා වැනි වටිනා ඖෂධ අනීතිකව තබාගෙන කොරෝනා වසංගතය මර්ධනයට යාමෙහි අනිටු ප්‍රතිවිපාක අප අද වනවිට අත්විඳිමින් සිටී. මෙම වසංගතයේ ස්භාවය පිළිබඳවත්, එහි රෝග ලක්ෂණ පිළිබඳව සහ කෝරෝනා වෛරසය මර්ධනයට යොදා ගන්නා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම පිළිබඳව දැන් අපට පැහැදිලි අවබෝධයක් ඇත. එහි දී දේශීය වෙදකමට නැත්නම් ආයුර්වේද වෙදකමට විශාල කාර්යය භාරයක් පැවරී ඇති බව මාගේ අදහසයි. නමුත් එය නිසි ලෙස යොදා ගන්නවාද යන්න ගැටලු සහගත ය.

දේශීය වෙදකමට හා ආයුර්වේදයට පුරාතනයේ සිට යොදා ගන්නා කංසා වැනි ඖෂධ ලෝකයේ පවතින නව දැනුම හා තාක්ෂණය සමඟ මුසු කොට වසංගතය පාලනයට යොදා නොගෙන පැණි මුට්ටි, දුම් හට්ටිවලට ආයුර්වේදය කොටු කිරීමෙන් සිදු වුයේ දේශීය වෙදකම ගැනත්, ආයුර්වේදය ගැනත් ජනයා අතර වු විශ්වාසයට හානි වීමයි. එමගින් මෙරට වසංගතය පාලනයෙන් ගිලිහී යාමත්, විශාල ගණනක් ජීවිත හානි සිදු වීමත් ගැන ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඇත්තේ දැඩි කණගාටුවකි.

අප දන්නා පරිදි ආයුර්වේදයේ මූලික කාර්යය වන්නේ ශරීරයේ වාත, පිත හා සෙම් තත්වය සමතුලිතව පවත්වාගෙන යාමයි. එහි දී පෙනහලු හා ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාධන තත්වයන් සෙම කෝපවීම ලෙස හදුන්වයි. දේශීය හා විදේශීය පර්යේෂකයන් විසින් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගයේ මාරාන්තික තත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්වය යනු එහි උච්චතම අවස්ථාවයි. එම තත්වය පාලනය කිරීමට කංසා යොදා ගත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු කර ගෙන ඇත.

ප්‍රතිශක්තීකරණ වර්ධක ඖෂධයක් ලෙස කංසා භාවිතා කිරීමට හැකි බව ඉන්දියාවේ ආයුර්වේද පර්යේෂකයන් වාර්තා කර සිටියේ මීට මාස කිහිපයකට පෙර ය. ඉන්දියානු වෛද්‍යවරු පෙන්වා දෙන පරිදි කංසාවල අඩංගු කැනබිඩියෝල් නම් රසායනික සංයුතිය මඟින් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයන් නිව්මෝනියාව දක්වා වර්ධනය වීම වළක්වයි. කංසා මල්වලින් සහ කංසා කොළවලින් ලබාගන්නා කංසා තෙල්වල අඩංගු කැනබිඩියෝල් රසායනය මෙන්ම සෙසු රසායනයන්ද කොරෝනා මර්ධනට වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.

කොරෝනා රෝගීන් අතරින් බහුලව වාර්තා වන ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ සමනය කිරීමට කංසා භාවිතා කළ හැකිය. කංසා නිසා ඇති වන ආහාර රුචිය නිසා ශරීරය දුර්වල වීම මගහැරී ගොස් ප්‍රතිශක්තිය වර්ධනය වෙයි. කංසාවල ඇති වේදනානාශක ගුණය නිසා කොරෝනා රෝගීන්ට හටගන්නා ඇඟපත වේදනාව පහව යන බවද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. විශේෂයෙන් පවුලෙන් හුදෙකලා වීම නිසා ඇති වන සාංකාව වැනි මානසික තත්වයන්ට කංසා දිව ඔසුවක් බව මානසික සෞඛය පිළිබඳ පර්යේෂකයින්ගේ අදහසයි.

කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යන අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය කංසා සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් පසුගිය වසරේ දී ගනු ලැබීය. එනම් එක්සත් ජාතීන්ගේ අන්තරාදායක මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කිරීමයි. ඊට අනුව යමින් ස්වයං ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා භාවිතා කිරීමට බටහිර රටවල්ද පියවර ගන්නා ලද අතර ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගන්නා අයට නොමිලේ කංසා සුරුට්ටු බෙදා දෙන ලදී.

ලෝකය පුරාම ස්වයංව ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිතා කරද්දී ආයුර්වේද ඖෂධයක් මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණකි. එමනිසා පුද්ගලිකව සහ පක්ෂයක් ලෙසත් මා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයක් සහිතව කංසා නීතිගත කරන ලෙසයි. එය රටේ ජනතාවගේ සුවතාවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගා සිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවකි.

තුසිත බාලසූරිය
ලේකම්
ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

 

Post Views: 8
Previous Post

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් රාජ්‍ය ඇමැතින සුදර්ශනිය පිළිගැන්වයි

Next Post

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්

editor

editor

Next Post

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved