• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

මහින්දානන්දව අගමැති කරමු !

14 October 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදා මෙදා තුර කෘෂිකර්ම ඇමතිවරු අතර විශිෂ්ඨතමයා මහින්දානන්ද අලුත්ගමගේ ම ය.

එවැන්නෙකු අගමැති, ජනපති ධූරයන්ට පත් නොකර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ තවදුරටත් තබා ගැනීම අපරාධයකි. අගතියකි. අකටයුත්තකි.

නිදහස් ලංකාවේ කෘෂිකර්මයට වැඩිම අවධානය දුන්නා යැයි කියන ඩී.එස්.සේනානායක අගමැතිතුමා, කාකි සූට් එක දාගෙන අම්පාරේ, පොළොන්නරුවේ ජනපද, වගා බිම් හදපු ජාතියේ පියා ය.

ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම උපාධිධාරියෙක් විතරක් නෙවෙයි, අසීමිතව ගොවිතැනට ආදරය කළ කාර්යාලයට වඩා ගොවි බිමේ හිටපු වැඩකාරයෙක්. ඩඩ්ලි නැත්තම් ලංකාවේ අල වගාවක් නෑ. ඩඩ්ලි හදපු වාරිමාර්ග ලැයිස්තුව එතුමාගේ මහත්මා ගුණයට වැඩිය දිගයි.

සර් ජෝන් කොතලාවල ගොවියෙක් නෙවෙයි, දොඩම්ගස්ලන්දේ කාඹුල්වානාඔය ජලාශය හදපු මිනිහා. වාරිමාර්ග නිලධාරීන් ඒකට ‘සර් ජෝන් කොතලාවල ජලාශය‘ නම දාලා බෝඩ් එකක් ගැහුවා. සර් ජෝන් ඒක දැක්කේ විවෘත කරන්න යන කොට. මහජන මුදල්වලින් හදපු ජලාශයට මගේ නම දාන්න පිස්සුද? මම යන්න ඉස්සර වෙලා, ඔය බෝඩ් එක ගලවනවා යැයි කියලා කෑගහපු අගමැතිවරයා. කෘෂිකර්මයේ දියුණුවට අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛත්වය දුන්න, තමන්ගේ නිවස ආණ්ඩුවට දුන්න අගමැති.

1956 කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන – රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය පවරගත්ත එකම ඇති. අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ථිර හය හැදුවේ පිලිප් ගේ දැනුමෙන්. දැක්මෙන්.

ඊලඟ කෘෂිකර්ම ඇමති සී.පී. ද සිල්වා ට අදත් කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. ඩී.එස්. සේනානායක පරාක්‍රම සමුද්‍රය හදනකොට පොළොන්නරුවේ දිසාපති.

1965 කෘෂි ඇමති එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. උතුරට දකුණට එක සමානව කෘෂි සම්පත් බෙදුවේ ඇමති බණ්ඩා.

1965 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කැප්ටන් සී.පී.ජේ.සෙනවිරත්න – ගොවි හමුදාව හැදුවා. බදුල්ල කචේචේරියේ හිටපු දිස්ත්‍රික් ඉඩම් නිලධාරි (DLO) සුසිල් සිරිවර්ධන එතැනින් නිදහස් කරගෙන මහියංගනයට අරගෙන ගිහින් අද වගේ යන්ත්‍ර සුත්‍ර නැති කාලයේ වාරි ඇළවල් කැපුව. රටටම ඒක පුළුල් කරපු නියෝජ්‍ය ඇමති. (1970 ආණ්ඩුව ගොවි හමුදාව විසිරුවා හැරියාම ඒ අය 71 කැරැල්ලට ගියා)

හෙක්ටර් කොබ්බෑකඩුව – කාෂිකර්ම හා ඉඩම් ඇමති තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවේ. ලංකාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවට පිංසිදුවන්නටයි. ඒ කෘෂිකර්ම ඇමති කොබ්බෑකඩුව ගැන නිබන්ධනයක් ලියන්න පුළුවන්.

මෛත්‍රීපාල සේනානායක වාරිමාර්ග ඇමති – මහවැලිය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න පටන්ගත්ත ඇමති. 1977 දී ගාමිණී දිසානායක වාරි ඇමති වෙන කොට අලුත් තරුණ ඇමතිවරයා එක්ක අමාත්‍යාංශයට ගිහින් මට දුන්න සහාය මේ තරුණයාට දෙන්න කිව්ව නිහතමානී අති විශිෂ්ඨයා. රටේ ඊලඟ අගමැති කියලා තමයි හැමෝම කිව්වේ.

ඊ.එල්. සේනානායක කෘෂිකර්ම ඇමති ගැන කියනකොට මතක්වෙන්නේ අර ඓතිහාසික වප් මඟුල.

ගාමිණී ජයසූරිය ගැන කියනකොට ඇමතිකමට වැඩිය හෘර්ද සාක්ෂිය වැදගත් කියලා පෙන්නපු ඊලඟ අගමැති වෙන්න තරම් සුදුසුකම් තිබ්බ දේශපාලනඥයා.

කෘෂිකර්ම රාජ්‍ය ඇමති විජේරත්න බණ්ඩා – කෘෂි රක්ෂණ හා ගොවි විශ්‍රාම වැටුප හැදුවා විතරක් නෙවෙයි ලංකාවට එළවළු – පළතුරු බෙදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැලසුම්කරු.

ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, මහවැලි සංස්කෘතියක් හදලා, ක්‍රීඩා පිට්ටනි, සමාගම් හදලා අවසානයේ වැවිලි කර්මාන්තයෙන් ලංකාවට ලෝකය දිනන්න පාර කපපු ඇමති.

ඇමති ලලිත් ඇතුලත්මුදලි – එදා තිබුණු සුළු අපනයන දෙපාර්තමේන්තුව වෙනුවට නවීන වෙළඳ යුගයට ගැලපෙන විදිහට ‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව‘ හදලා අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට නිමි භාණ්ඩ නිෂ්පාදනයට (Value Addition) ලංකාවේ කෘෂි ව්‍යාපාරය ගොඩ නගන්න පියවර තැබූ බිය නැති ප්‍රාඥයා.

මේ සියල්ලටම එක පොදු සාධකයක් තියෙනවා. ඒ හැමෝම හිටියේ ඊලඟ අගමැති ධූරය, ජනාධිපති ධූරය පාමුල. අගමැති – ජනපති පුටුවට පහල පඩියේ හිටපු අය. ඩී.එස්. ගෙන් පස්සේ ඩඩ්ලි. ඩඩ්ලි ගෙන් පස්සේ සර් ජෝන්. සී.පී. ද සිල්වා ගේ අගමැති කතාව එජපයෙන් නැවතුණු හැටි ප්‍රකටයි. ෆීලික්ස් ඩයස් බලය ඇල්ලුවේ නැතිනම් මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ දෙවැනියා. (අනුර – මෛත්‍රී කැරැල්ල මතයනේද?) කොබ්බෑකඩුව 1982 ජනාධිපති අපේක්ෂක වුණා. ගාමිණී ජයසූරිය, ඊ.එල්., ප්‍රේමදාස එක්ක අගමැතිකමට සටන් කරපු අය. ලලිත් – ගාමිණී ලංකාවේ ඔටුණු පළදින්න බැරි වුණු රාජ්‍ය නායකයෝ.

වත්මන් කෘෂිිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මේ හැමදෙනා වගේම අගමැති ධූරයට සුදානම්. ආසන්නයි.

හැබැයි ඒ සියල්ලටම වඩා විශිෂ්ඨයි.

කලින් හිටපු හැම කෘෂිකර්ම-වාරි-වැවිලි ඇමතිවරු, වැඩ කළේ ලංකාවට විතරයි.

මහින්දානන්ද ලෝක කෘෂිකර්මයේ දැවැන්තම පිම්ම තබා තියෙනවා.

මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිතුමා ‘කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්‘ සොයාගෙන තියෙනවා. ලංකාවට ගෙනල්ලා ලෝකයට හදුන්වාදීලා තියෙනවා. ලංකා කෘෂිකර්මයේ විතරක් නෙවෙයි ලෝක කෘෂිකර්මයේ නව පිටුවක් පෙරළලා තියෙනවා. ලෝකයම බෑ කියද්දී, ලංකාව කාබනික කරලා, ලෝකයම කාබනික කෘෂිකර්මාන්තයේ දොරටුවට ගෙනල්ලා තියෙනවා. (රසායන විද්‍යාවට අනුව බෑ කියන අය අද සිංහල, English, Tamil පත්තර බලන්න. විද්‍යුත් මාධ්‍ය අහන්න. ඒ හැම එකකම ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර‘ තියෙනවා.

ලංකාවට ශාක හා සත්ව නිරෝධායන පනතින් ගැලවිලා ඇපල්-මිදි ගෙඩියක් ගේන්න බෑ. හැබැයි, මහාචාර්ය කෘෂිකර්ම ලේකම් උදිත් ජයසිංහ එක්ක එකතුවෙලා කිසිම රසායනාගාර පරීක්ෂාවක් නැතිව ‘කාබනික‘ ගෙනල්ලා බෙදලත් ඉවරයි. රටේ ඩොලර් ආර්ථිකයට බරක් නැතිව, ‘බෝට්ටුවෙන් බඩු වලින්‘ ලංකාවේ මහ කන්නය ගොඩ දාලා ඉවරයි. වසංගතයට පස්සේ සාගතය එනවා වගේ කථා කිය කිය ඉන්න ඇමතිවරු අතර කෘෂිකර්ම ඇමති විශ්වකර්මයෙක්. ප්‍රායෝගික මනුස්සයෙක්. ලංකාවටම හරියන ටිප් – ටොප් දේශපාලනඥයෙක්.

හෙට නෙවෙයි, අදම අගමැති කරන්න වටිනවා. නොබෙල් තෑග්ග දෙන්න වටිනවා.

මහින්දානන්ද අගමැති කරනු! රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දෙනු!!!

බොල් පිළිම කුඩු කරමු!!!! මහින්දානන්ද නමින් ගල් පිළිම නෙළමු!!!

 

රජිත් කීර්ති තෙන්නකෝන්

Post Views: 1
Previous Post

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම සඳහා ජාතික වැඩසටහන

Next Post

මාර්ගගත පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගන්නැයි පැමිණීල්ලක් – ලක්මව දියණියෝ

editor

editor

Next Post

මාර්ගගත පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගන්නැයි පැමිණීල්ලක් - ලක්මව දියණියෝ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved