27 April 2024
#දේශීය

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම සඳහා ජාතික වැඩසටහන

ආපදා අවදානම් අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්න්තර දිනය ලෙස නම් කර ඇත.

සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන තේමාව යටතේ ලොව පුරා සෑම රටක් ම මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.

“කොවිඩ්-19 සහ ව්‍යවස්ථිත අවදානම” යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආපදා අවදානම අවම කිරීම සඳහා කටයුතු කරන ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ අද (13) දින කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *