27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව ජපානයේ සංචාරක හා ආයෝජන ගමනාන්තයක් බවට පත් කර ගන්න – ඇමැති ඩලස්

ශ‍්‍රී ලංකාව සශ‍්‍රීකත්වය කරා යළි ගමන්කිරීමට වෙර දරමින් සිටින මේ මෙහොතේ රටේ පවතින ආර්ථික ඉඩ ප්‍රස්ථාවන්ගෙන් පූර්ණ ඵල නෙලා ගැනීමට ජපාන මිතුරන්ට හා ව්‍යාපාරකයින්ට තමා විවෘත ආරාධනාවක් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) ශ්‍රී ලංකා ජපන් තානාපති නිල නිවසේ පැවති උත්සවයක සහභාගී වෙමිනි.

ශ‍්‍රී ලංකාවේ මතක සලකුණක් වන මෑතකදී විවෘත කළ “රන් දොරටුව” ලෙස නම් කර ඇති කැලණි පාලම හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ජපානය දක්වන සහයෝගයේ ඓතිහාසික කඩඉමක් බව අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම ජපාන රජය විසින් පිරිනමන ලද අනෙක් ත්‍යාගයන් අතර ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ප‍්‍රධානත්වයක් ගන්නා බවද හෙතෙම පැවසීය.

අභාවප‍්‍රාප්ත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දෙරටේ මිතුදම ඉහළම තලයට ගෙන ඒමට කටයුතු කිරීම වෙනුවෙන් එතුමාට මේ අවස්ථාවේ කෘතගුණ දක්වන බව අමාත්‍යවරාය කියා සිටියෙය.

ජපානය ශ‍්‍රී ලංකාවේ ඉහළම ආධාර කරුවා බව පැවසූ අමාත්‍යවරයා පවතින කොවිඩ් වසංගතයට මුහුණදීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 15.2 සහ එන්නත් මිලියන 1.45 ක් මෙරටට ප්‍රදානයක කළ බව මතක් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *