27 April 2024
#දේශීය

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ‘පුස්’ විශේෂඥවරිය යකා නටයි – රවි කුමුදේශ්

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලී පිළිබද වෛද්‍ය පරීක්ෂණ සිදුකරන අංශයේ විශේෂඥ වෛද්‍ය වරිය විසින්, එම අංශයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ට රාජකාරී කිරීමට ඉඩ ලබා නොදෙමින් කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා පැවසුවේ මේ වන විට එම රසායනාගාරයේ කටයුතු සති තුනකට අධික කාලයක් තිස්සේ කඩාකප්පල් කර ඇති බවයි.

රට පුරා හමුවන සියළු දිලිර ආසාධිත රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමට ඇති එකම රසායනාගාරය මෙය වන අතර, මෙම බාධා කිරීම හේතුවෙන් රෝගීන් දහසකගේ පමණ පරීක්ෂණ සදහා යොමු කරන ලද නිදර්ශක ඉවත් කර දැමීමට සිදුව ඇති බව හෙතෙම පැවසිය.

දිලීර රෝග සදහා ලබා ගන්නා ඇතැම් නිදර්ශක ඉතා අසීරුවෙන් ලබා ගන්නා ඒවා වන අතර, දිලීර රෝග ප්‍රතිකාරයක් ප්‍රමාදවීම මගින් වසර ගණනක ප්‍රතිකාර නැවත අපතේ යමින්, ප්‍රතිකාර නැවත වටයකින් ආරම්භ කිරීමට සිදුවන අතර , ඒ හේතුවෙන් රෝගීන් මරණයට පවා පත්විය හැකි බව ද කුමුදේශ් මහතා පැවසිය.

මෙම අංශය තුල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් 7 දෙනෙකු සේවය කරන අතර, එහි සිටි ඇතැම් නිළධාරී කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ නිළධාරී හිගය පියවා ගැනීමට, ගුවන් තොටුපල අනුක ජීවී රාසායනාගාරයෙන් අමතර නිළධාරීන් දෙදෙනෙකුද යොමු කිරීමට කටයුතු කර ඇත. එම අංශයට යම් රසායනාගාර විද්‍යාඥ හිගයක් පැවතියද, දැනට පවතින පරීක්ෂණ ප්‍රමාණය සිදු කිරීමේ වගකීම එම නිළධාරීන් විසින් නොපිරිහෙලා ඉටු කරමින් තිබියදී, විශේෂඥ වෛද්‍ය වරියගේ බාධා කිරීම හේතුවෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයගේ නොමනා හැසිරීම පාළණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සති තුනක කාලයක් තිස්සේ මෙම අංශයේ පරීක්ෂණ පරීක්ෂණ කිසිවක් සිදු කල නොහැකි තත්වයට පත්ව ඇති බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *