27 April 2024
#දේශීය

සජිව පතරොම් හා ලෝහ පරික්ෂණ උපකරණ සමඟ අයෙක් අත්අඩංගුවට

පිංදෙණිය, බෝයගම ප්‍රදේශයේදී ඊයේ (09) පෙරුවේදී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සජිව පතරොම් හා ලෝහ පරික්ෂණ උපකරණ සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බෝර 12 සජීවි පතරොම් 10, බෝර 16 සජිවි පතරොම් 04 ක්, ලෝහ පරික්ෂා කිරීමේ උපකරණ 03 ක් තිබි ඇත.

අදාළ සැකකරු වයස අවුරුදු 58 ක් වු ගල්ගමුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (10) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පිදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *