27 April 2024
#දේශීය

වෙඩි නොවදින ආවරණයක් සමඟ අයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාස නිලධාරින්ට ලද තොරතුරක් මත පසුගිය 08 වනදා රාත්‍රියේදී රංවල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ සඟවා තිබු වෙඩි නොවඳින පපු ආවරණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම සැකකරු ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *