• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

 ආණ්ඩුව බිලි පුජා කරනවාදැයි මනුෂ ප්‍රශ්ණ කරයි

18 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත් මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී බිලි පුජාවක් කරනවාදැයි ප‍්‍රශ්ණ කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මනුෂ මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කළේය “ අද වන විට කොරෝනා තත්වය බරපතල ලෙස ජනතාවගේ ජන ජීවිතයට මෙන්ම ජීවිතවලට බලපෑම්කරමින් සිටිනවා. කොරෝනා අර්බුදයට ගත යුතු පියවර ගැන 2020 අවුරුද්ද ආරම්භයේදීම විපක්ෂනායකවරයා කතා කරන විට ආණ්ඩුව ඒ ගැන උපහාසයෙන් කතා කළා මිස එයට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඉක්මනින් වැක්සින් එක ගේන්න ඔ්න කියන විට අපිට උවමනා වෙලාවට ඒක ගේන්නම් කියලා වහසිස් දෙඩවූවා. ඉක්මනින් එන්නත ගේන්න කියලා කියන විට පැණි මුට්ටි ගගට දැමූ ආණ්ඩුව පැණි පොවන්න උත්සාහ කළා. එන්නත්කරණය ප‍්‍රමාද කිරීමට කටයුතු කළා.

දැන් මැරෙන්නේ හැටට වැඩි අය කියලා ආණ්ඩුව කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්න්තකරණයේ ප‍්‍රමුඛතා ලේඛනයක් ඉදිරිපත් කළා. කොවිඩ ව්‍යාප්තිය නතර කිරීමට කටයුතු කරන වෛද්‍ය අංශයේ අයට, ආරක්ෂක අංශයේ අයට මුලින්ම එන්නත දෙන්න කියලා කිව්වා. ඉන් පසුව වයස්ගත පුද්ගලයාගේ සිට එන්නත් කරන්න කියලා කිව්වා. ඒත් ලංකාවේ පැණි පොවමින් ඉදලා, මුට්ටි ගගට දමමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොතකා කටයුතු කළා. තමන්ගේ හිතවතුන් ඉන්න ක්ෂේත‍්‍රවලට මුලින් එන්නත දුන්නා. ප‍්‍රතිපත්තියක් ලෙස හැටට වැඩි අයට එන්නත ගැහුවේ නැහැ.

අද මැරෙන අයගෙන් බහුතරය එන්නත් දෙකම ගහපු නැති අය නම් ඒකේ වරද කාගේද? එන්නත මිනිස්සුන්ට කඩෙන් අරගෙන ගහන්න බැහැනේ. එන්නත නොගැසීම නිසා සිදුවන සෑම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව හැටට වැඩි අය වැඩියෙන් මැරෙන බව ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්වනවා. එහෙනම් හැටට වැඩි අයට එන්නත ගහන්නේ නැහැ කියලා තීරණයක් ගත්තේ කවුද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පිටින් ගිහින් හැටට වැඩි අයට එන්නත් නොගැසුවේ මේ උද්දච්ඡු ආණ්ඩුවයි. වෛද්‍ය නිර්දේශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැත්තකට දාලා තමයි කටයුතු කළේ.

එහෙනම් මේ වන විට සිදුවන මරණ අතරින්, අවුරුදු හැටට වැඩි, එන්නත ගහපු නැති මරණ සදහා ආණ්ඩුව, ජනාධිපතිවරයා වගකිව යුතුයි. පාස්කු ප‍්‍රහාරයෙන් මරණ දෙසීය හැට අටක් නැතිවුනා. ඒ ජීවිත වගේම මේ වන විට ජීවිත හයදසහකට වඩා වැඩියෙන් නැති වෙලා තියෙනවා. එදා පාස්කු ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාව සම්බන්ධයෙන් කවුරු හරි වගකිව යුතු වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කටයුතු නොකිරීම නිසා අහිමිවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතුයි.

කොරෝනා තත්වය උත්සන්නවී නිව්මෝනියා තත්වය ඇතිවූ විට ලබාදෙන බෙහෙතක් ගැන විපක්ෂනායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ බෙහෙත මේ වන විට රටේ නොමැති නිසා ඉක්මනින් එය ගෙන්විය යුතු බව ඔහු සදහන් කළා. ජීවිතයත් මරණයත් අතර සටනකට පණ අදින, නිව්මෝනියට තත්වයෙන් දැඩිසත්කාගාරවල ඉන්න අයට ලබාදිය යුතු මේ බෙහෙත අත්‍යවශයයි. පාර්ලිමේනත්ුවට ආපු චන්න ජයසුමන ඇමැතිවරයා කියන්නේ ඉල්ලුමට අනුව සැපයුමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බෙහෙත් නැහැ කියන එකනේ. ඇමතිවරයා කියන විදියට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ නිව්මෝනියා තත්වයට යන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසානේ.

නියමිත වෙලාවට එන්නත දීලා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට හරි මේ බෙහෙත් ගේන්නේ නැත්තේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. උද්දච්චකම නිසා. නොහැකියාව වහ ගන්න කට වාචාලකමින් කතා කළාට ප‍්‍රශ්ණ යට ගහන්න බැහැ. ජීවිතයත් මරණයත් අතර ජනතාව සටන් කරන විට පාර්ලිමේන්තුවේදි වෛද්‍ය සැපයුම් ඇමැතිවරයා උජාරුවෙන් හිනාවෙවී කතා කරනවා. වෛද්‍යවරුන් කියන දේ මොවුන් අහන්නේ නෑ. වෛද්‍ය සංගම් දිගින් දිගටම රට වහන්න කියලා කියද්දී අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නේ නැතිව බලාගෙන ඉන්නේ බිලි පූජාවකට සූදානමින් ඉන්න නිසාද?

ජනාධිපතිවරණය අවසන්වුනාට පස්සේ ජනාධිපතිවරයා දත්ත මත පදනම්ව කටයුතු කරන බව පැවසුවා. දැන් ජනාධිපතිවරයා මොන දත්ත මත පදනම්වද කටයුතු කරන්නේ? ඊයේ ගාල්ලේ කොරෝනා රෝගීන් 635ක් වාර්තා වුනා. මාතර 421ක්, හම්බන්තොට 389ක් වාර්තා වුනා. එකතුව 1445යි. ඒත් මුළු ලංකාවෙන්ම වාර්තා වුනේ 3500ක් කියලා කියනවා. දකුණේ විතරක් 1500ක් වාර්තා වන විට ලංකාව්ම 3500ක් වුනේ කොහොමද? කෑගල්ලේ, ගම්පහ කොරෝනා රෝගීන් වාර්තාවීමේ වැරදි දත්ත ගැන තියෙන වෙනස්කම් ගැන මාධ්‍යයෙන් වාර්තා කළා. මේ දත්ත බොරු කරලා, දවසට පන්දහසක් හයදහසක් රෝගීන්ගේ දත්ත හංගලා කාවද රවට්ටවන් හදන්නේ. ලෝකයේ ඉස්සරහ මම තමයි හොදමට කළේ කියන්න හදන්නේ.

හෙට අනිද්දා මාධ්‍යයට ඇවිත් මට බොරු දත්ත දීලා තියෙන්නේ, ඒ නිසා මම ඉක්මනට රට වහනවා, මේ දත්ත දීපු අය ගැන පරීක්ෂණයක් කරනවා කියලා කියාවිද දන්නේ නෑ. අපි දන්නා තරමට ඔ්නෑ කමින් තමයි මේ බොරු දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ.

කොරෝනා ගැන බොරු දත්ත ඉදිරිපත් කළා කියලා මාධ්‍යවේදින් අත්අඩංගුවට ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන යනවා. වැරදි දත්ත නිකුත් කරන, රජයේ නිලධාරීන්ට විරුද්ධව ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාද? ඒ වැරදි ඉදිරිපත් කරන්නේ රාජ්‍ය දැනුවත්වීම මතද?

මේවා ගැන තොරතුරු හොයලා ෆේස් බුක් එකට දාන ෆැක්ට් චෙක් ආයතන තියෙනවා. ඒ අයට මේවා පේන්නේ නැද්ද? එතකොට මේවා හිතා මතා ජනතාව මුලාවේ දැමීමටද හදන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවා පේන්නේ නැද්ද? දැන් ජනතාව මුලාවේ දාන එක පේන්නේ නැද්ද?

වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර විද්‍යාඥයින් ලොක් ඩවුන් එකකට යන්න කිව්වා. ඒ විතරක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ගත යුතු පියවර ගැන අවධානය යොමු කළා. ඒත් මේ කිසිම දෙයක් ආණ්ඩුව අහන්නේ නැති නිසා අපි ජනතාව විදියට අපිම ලොක් ඩවුන් වීමට තීරණය කළා. ඒ නිසා තමයි රටේ හැම තැනකම ජනතාව එළියට බහින්නේ නැත්තේ. කඩ සාප්පු වහන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න තැනට ජනතාව පත්වෙලා ඉන්නේ. ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන කටයුතු නොකරන විට, ජනතාව තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, දෙමාපියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙල්ෆ් ලොක් ඩවුන් එකකට ගිහින් තියෙනවා. අපි ලොක් ඩවුන් වෙමු කියන සංකල්පයට ගිහින්.

ආණ්ඩුවක් විදියට ඒක අගය කරන්නේ නැතිව, ජනතාව සෙල්ෆ් ලොක් ඩවුන් වෙන්නේ දේශපාලන උවමනාවකට යැයි කියනවා. දේශපාලන උවමනාවකට නෙමෙයි, ජීවිත ආර්කෂාවට තමයි අපි සෙල්ෆ් ලොක් ඩවුන් එකකට යන්නේ. අපේ ජීවිත අපි බලාගනිමු, අපි ලොක් ඩවුන් වෙමු.

කොරෝනා බෝවීම ගුරු වර්ජන නිසා සිදුවුනා කියලා අණ්ඩුව කියනවා. ගුරු වර්ජන නිසාද, ඇමැතිවරුන්ට කොරෝනා හැදුනේ. කොරෝනා හැදුන අයගෙන් ගුරුවරුන්ගේ ප‍්‍රතිශතය කීයද? ගුරු පොකුරු කීයක් නිර්මාණය වෙලා තියෙනවාද කියලා ආණ්ඩුව පැහැදිළිව කිව යුතුයි. ගුරුවරුන්ගේ පිටින් දාලා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න එපා.

ඊයේ දිනයේදී රනිල් වික‍්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ කතා කරලා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැදවීමට තීරණය කරලා තියෙනවා. මුලින්ම සර්ව පාක්ෂික සමුළුවක් කැදවලා රටේ ප‍්‍රශ්ණය වෙනුවෙන් එකතුවිය යුතු බව මුලින්ම කිව්වේ විපක්ෂනායකතුමායි. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා. හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයට සර්ව පාක්ෂික සමුළුවක් කැදවිය යුතු බව පැවසුවා. සියලු දෙනාම එකට එකතුවෙලා මේකට මුුහණ දිය යුතුයි. මේ අවස්ථාව පක්ෂ දේශපාලනය කරන වෙලාක් නෙමෙයි. අපි හැමෝම එකට එකතුවෙලා වැඩ කළ යුතු වෙලාවක්.

ඒත් සරව පාක්ෂික සමුළුව ගැන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන විට ආණ්ඩුව එයට එකග වෙන්නේ ඇයි? විපක්ෂයේ අනෙක් පක්ෂ ඒ ගැන මාස ගානක් කිව්වත්, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන තුරු බලාගෙන ඉන්නේ ඇයි කියලා අපි අහනවා.

 

Post Views: 8
Previous Post

සංවේදී පරිසර කළාප 04ක් අලුතින් හඳුනා ගැනේ – පරිසර අමාත්‍යංශය

Next Post

මරණ ගණන අඩුකරන්න රට වැසීම හෝ ඇඳිරීනීතිය පැනවීම සිදු කල යුතුයි – දයාසිරි කියයි

editor

editor

Next Post

මරණ ගණන අඩුකරන්න රට වැසීම හෝ ඇඳිරීනීතිය පැනවීම සිදු කල යුතුයි - දයාසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025

Recent News

බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved