• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම සහ ඩිමෝ අතර අවබෝධතා ගිවිසුම අලුත් වෙයි

27 April 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම (Sarvodaya Development Finance PLC – SDF) සහ ඩිමෝ සමාගම (DIMO) අතර පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ ලීසිං අනුපාත සහ අවම මූලික ගෙවීම් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයෙහි අරමුණ වී තිබේ.

2019 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම හවුල්කාරීත්වය යටතේ, ඩිමෝ සමාගම වෙතින් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ආකර්ෂණීය ලීසිං විසඳුම් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත. DIMO විසින් මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන Mahindra හා Swaraj ට්‍රැක්ටර් සහ Lovol හා CLASS කම්බයින්ඩ් හාවස්ටර් සඳහා මෙම මූල්‍ය පහසුකම් හිමි වේ.

මෙමගින් ලැබෙන තවත් වාසියක් වන්නේ, මෙම ලීසිං පහසුකම් සමගින් මිලදී ගනු ලබන ට්‍රැක්ටර්, නිශ්චිත කොන්දේසි වලට යටත්ව නැවත මිලදී ගැනීමටද (Buyback) DIMO සමාගම එකඟ වී තිබීම ය. 2019 වසරේදී ඇතිකරගන්නා ලද මෙම හවුල්කාරීත්වය, එහි සාර්ථකත්වය නිසා මෙලෙස තුන් වන වසරටද අලුත් කරන ලදි. පසුගියදා පැවති චාම් උත්සවයකදී මෙම ගිවිසුම අලුත් කිරීමේ කටයුතු සිදුකෙරුණු අතර, ඒ සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීහු පිරිසක් එක්වූහ.

සහනදායී පොලී අනුපාත වලට අමතරව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම වෙතින් ලීසිං පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා වසර 4 ක පරිපූර්ණ වගකීමක් සහ තවත් වසර දෙකක අමතර වගකීමක් හිමි වේ. කම්බයින්ඩ් හාවස්ටර් සඳහා හිමි වන වගකීම් කාලය වසරකි. එමෙන්ම ගනුදෙනුකරුවන්ට Farmer KIT සහ ඔයිල් ෆිල්ටර් නොමිලේ හිමි වන අතර, සේවා වාර 3 ද නොමිලේ හිමි වේ. කම්බයින්ඩ් හාවස්ටර් සඳහා GPS උපාංගයක්ද නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබීම තවත් විශේෂත්වයකි.

මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීමට තවදුරටත් අත්වැලක් වීමේ අරමුණින්, මෙම වැඩසටහන යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන් වෙත ගොස් ඔවුන් තවදුරටත් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා කියා සිටියේ, මෙම හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටු වන බවයි. “පොහොර ගැටලුව ඇතුළුව කෘෂිකර්මාන්තය මුහුණ දෙමින් සිටින සියලුම අභියෝග හමුවේ පවා, එම ක්ෂේත්‍රය සම්බන්ධ අපගේ සේවාවන් අඛණ්ඩව වර්ධනය වී තිබෙනවා. දිගින් දිගටම අපගේ ජනප්‍රියත්වය පවත්වා ගනිමින්, කිසිදු වෙනසකින් තොරව අපගේ ගනුදෙනුකරුවන්ටත් ආයෝජකයන්ටත් ඉහළම වටිනාකම් තිළිණ කිරීමටත්, ලීසිං සේවාවන් ඇතුළුව අපගේ අනෙකුත් ප්‍රධාන සේවාවන් ඔස්සේ කෘෂිකර්මාන්තයේ උන්නතියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමටත් අප සමත් වී තිබෙනවා.
මෙම සේවාවන් ලබාගන්නා ගනුදෙනුකරුවන් අතරින් 80% ක් පමණම සිටින්නේ බස්නාහිර පළාතෙන් පිටතයි. සර්වෝදය ව්‍යාපාරයේ පිටුබලය ලබන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, හුදෙක් මූල්‍ය ආයතනයකට එහා ගිය මෙහෙවරක් ඉටුකරන ආයතනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ මෙහෙවර තුළදී අප විකල්ප ආර්ථික රාමුවක් හඳුන්වා දී ඇති අතර, මෙහිදී අප සෘජුවම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ දියුණුවට මෙන්ම ඔවුන් ජීවත් වන ප්‍රදේශ වල දියුණුවට අත්වැලක් වීමට කටයුතු කරනවා. මෙය සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් වීමට බලපාන සාධකයක්.” නිලන්ත ජයනෙත්ති මහතා වැඩිදුරටත් පැවසී ය.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම යනු, පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ පවා සාර්ථක ලෙස ඉදිරියට යාමට සමත් වී ඇති ව්‍යාපාර අතළොස්ස අතරින් එකකි. 2022 වසරේ ජනවාරි මාසයේදී සමාගම නිකුත් කළ, 2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 ට අදාළ මූල්‍ය වාර්තාවට අනුව සමාගම 48% ක් වැනි ඉහළ බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. එමෙන්ම සමස්ත ක්ෂේත්‍රය පසුබෑමක් පෙන්නුම් කරද්දී පවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ඉහළ ප්‍රතිශතයක වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට පෙර මෙම තොරතුරු අනාවරණය කරන ලදි. එම කොටස් නිකුතුව අතිශයින් සාර්ථක වූ අතර ඊට අධි දායකත්වයක්ද ලැබිණි.

දිවයින පුරා තම සේවාවන් ව්‍යාප්ත කර ඇති සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට සංවර්ධන මූල්‍ය සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙරට නැගී එන වෙළඳපොළවල් ලෙස සැලකෙන උතුරු හා නැගෙනහිර පළාත්ද ඇතුළුව සමස්තයක් ලෙස මුළු රටෙහිම කෘෂිකර්මාන්තය හා සම්බන්ධ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට එම සමාගම මූල්‍ය සේවාවන් ලබාදෙයි. 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Banking and Finance Review මගින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන සංවර්ධන මූල්‍ය සමාගම ලෙස නම්කරන ලදි.

පිටපත – PR

 

Post Views: 4
Previous Post

සිගමන් යදින අයෙකු සමඟ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

Next Post

තඹ කමබ් සොරාගත් අය දැලේ

editor

editor

Next Post

තඹ කමබ් සොරාගත් අය දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
අදත් මහ වැස්ස

අදත් වැස්ස

18 June 2025
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
අදත් මහ වැස්ස

අදත් වැස්ස

18 June 2025
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved