27 April 2024
#දේශීය

තඹ කමබ් සොරාගත් අය දැලේ

රත්තොට ගම්මඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක තඹ කම්බි කිලෝ 26ක රෝලක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකුගේ එක් අයෙකු අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.

මෙම තඹ කම්බි රැගෙන ත්‍රිවිල් රථයකින් ගමන් කරමින් සිටියදි රත්තොට පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො.ප හර්බට් සිල්වා මහතාට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් කොන්ත්‍රාක් පදනම මත විදුලි කුළුණු සවිකිරිමේ නිරත අය බවත් රාත්‍රි කාලයේදි මෙසේ සම්ප්‍රේෂණ කුළුනෙන් තඹ කම්බි කපා ඇති බවද මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

තඹ කම්බි ත්‍රිවිල් රථයකින් රැගෙන පළා යමින් සිටියදි සැකකරුවන් ගම්මඩුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි රත්තොට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප හර්බට් සිල්වා මහතා ඇතුලු නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *