27 April 2024
#දේශීය

සිගමන් යදින අයෙකු සමඟ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

බත්තරමුල්ල, සුපිරි වෙලෙඳසැලක් අසල පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශණවලදි අනාවරණ වී ඇතතේ මිය ගිය පුද්ගලයා සුපිරි වෙලඳසැලෙන් භාණ්ඩ ලබා ගෙන පිටව යන අවස්ථාවේදී අසල සිටි සිටි සිඟමන් යදින අයෙකු සමඟ ඇති කරගත් බහින් බස් වීමක් හේතුයෙන් සිගමන් යදින පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදිමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වු පොතුඅරාව, මාලඹේ පදිංචිකරුවෙකි.

මෘත ශරිරය කොස්වත්ත රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. සැකකරු මේ වන විට පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ තලංගම පොලිසිය විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *