• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන්නේ අපේ රටේ බව ඇමැති අමරවීර කියයි

1 April 2024
in දේශීය, පුවත්
පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන පළමු රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) දින පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙම සමරු උත්සවයට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් මහත්මිය හා සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම උත්සවය සඳහා පොල් වගාකරුවන්, ගොවීන් සහ කර්මාන්තකරුවන් සහභාගි වුන අතර පොල් පැළ බෙදා දීම මෙන්ම කප්රුක ණය ආයෝජන වැඩ සටහන යටතේ ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරේ. මීට සමගාමීව පාසැල් සිසුන් කේන්ද්‍ර කර ගනිමින් කප්රුක දරුවන් මෙන් සුරකිමු යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කෙරිනි.

මෙහිදී අමාත්‍යවරයා අතින් පොල් පැළ මෙන්ම කප්රුක ණය ආයෝජන වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා ණයමුදල් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා “ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙබරවාරි මාසයට අදාලව මෙරට පොල් කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදන අපනයනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසය තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී තිබෙනවා. පොල් වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ දී මෙට්‍රික් ටොන් 3439ක් ක් අපනයනය කර රුපියල් මිලියන 894ක ආදායමක් උපයා තිබෙනවා. පොල් කිරි අපනයනය ගත් කළ මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක ආදායමක් ඉපයීමට සමත්වී තිබෙනවා. ඒ වගේම සක්‍රිය කාබන් ඉපයීම් වශයෙන් පොල් කටු නිෂ්පාදන අනයනය මගින් 2024දී ඩොලර් මිලියන 11.7ක් දක්වා දක්වා සියයට 11.25ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම මෙම වසරේදී පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයෙන් අපේ ආදායම පළමුවරට ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ ඉළක්කයට අපිට ළඟා වීමට හැකියාව ලැබෙන බව අනාවැකි පළ වී තිබෙනවා. කොහොම වුනත් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ගත් විට මීට වඩා ආදායමක් අපිට ලබා ගැනීමට නම් පොල් නාස්ති කිරීම වළක්වා ගැනීමට අපිට පුළුවන්. ලෝකයේ පොල් නාස්ති කරන රටවල් අතරින් පළමු රට අපේ රටයි. ආහාරය සඳහා පොල් යොදා ගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුමත් ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස මම පොල් වගා කිරීමේ මණ්ඩලයට මෙන්ම පොල් සංවර්ධන අධිකාරියටත් උපදෙස් දෙනවා. අපි බොහෝ දේවල්වලින් ලෝකයේ අංක එකේ ඉන්නවා. සීනි, ලුණු, පිටි, කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු ආහාර වැඩිපුර ගැනීම වැනි බොහෝ කරුණුවලින් අපි අංක එකට ඇවිත් ඉන්නවා වගේම බෝ නොවන රෝගවලිනුත් අපි අංක එකට ඇවිත් ඉන්නවා. ඒ වගේම තමයි පොල් නාස්ති කිරීමෙනුත් අපි ඉන්නේ අංක එකේ.අපිට මේ වසරේ දී පොල් ගෙඩි මිලියන 3000ක ඉළක්කයට යාමට හැකි වෙතැයි ද පුරෝකථනය කර තිබෙනවා. අතීතයේ දී අපේ ප්‍රධාන අපනයන බෝග ලෙස ලෙස සළකන ලද්දේ තේ, පොල් හා රබර්. පසුව එම ස්ථාන සේවා සැපයීම අංශය විසින් ලබා ගෙන තිබෙනවා. නමුත් දැන් නැවතත් ලෝකයේ වැඩිපුරම ආදායම් ඉපයිය හැකි වැවිලි බෝග ලෙස තේ පොල් හා රබර් කැපී පෙනෙන අතර මෙම අංශවල සීග්‍ර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා කැපවිය යුතු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Post Views: 6,601
Previous Post

අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ලබාදෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

විමල් පාස්පෝට් නඩුවෙන් නිදොස් කොට නිදහස්

editor ttvnews

editor ttvnews

Next Post
විමල් පාස්පෝට් නඩුවෙන් නිදොස් කොට නිදහස්

විමල් පාස්පෝට් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved