ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටි සමයේ කිසිදු අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි හෝ හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ‘පොල් ලෙලි, පාපිසි’ යනුවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපිට පොල් ලෙලි, පාපිසි කියන්නේ මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද? පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. මම නම් ඡන්දෙන් එන ඕනෑම මන්ත්‍රී කෙනෙකුට ගරු කරනවා. අපි විපක්ෂයේ ඉන්නකොට කවදාවත් මන්ත්‍රීවරයෙකුගේ හෝ අගමැතිවරයෙකුගේ උපාධි දිහා බලලා හෝ ඔවුන්ගේ හැසිරීම් බලලා මෙතනදී ඔවුන්ව හෑල්ලු කරලා නෑ” යනුවෙන් ප්‍රකාශ කළේය.
















