• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැති අය යුක්තිය මෙහෙයුම හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ කරන බව ඇමැති ටිරාන් කියයි

26 December 2023
in දේශීය
ඇමැති අය යුක්තිය මෙහෙයුම හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ කරන බව ඇමැති ටිරාන් කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් යුක්තිය මෙහෙයුම හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මීට වසර එකහමාරකට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අවදියේදී මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් අපට ආරාධනා කළා. එකවර එය බාරගැනීමට කැමැත්තක් නොමැති වුවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ජනාධිපතිවරයාගේත් ඉල්ලීම පරිදි මෙම වගකීම භාර ගැනීමට මම තීරණය කළා. රටම ගිනිගනිමින් පැවති ඒ අවස්ථාවේ අපට විශාල අභියෝගයක් පැවතුනා. රටේ නායකත්වයත් වෙනසක් සිදු වුණා. රට සාමකාමී කිරීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ පැවතුනා. රටේ ජනතාවට සුපුරුදු පරිදි කටයුතු කළ හැකි පරිදි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවලට කිසිවකුටත් ඇතුල්වීමට හැකියාවක් නොහැකි පරිදි විවිධ ගම් පිහිටුවා තිබුණා. රටට විදේශිකයන් පැමිණුනේ නැහැ. එවැනි තත්ත්වයක පැවති රට යළි ගොඩගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේ අපට දැඩි තීරණ වලට එළඹීමට සිදුවුණා. රට තුළ විනයක් සහිතව සාමකාමීව සෑම දෙනාටම ජීවත් විය හැකි වාතාවරණයක් සකස් කිරීම අපට පැවරුණා. අපහසුවෙන් නමුත් ඒ වගකීම අප ඉටු කළා. ප්‍රචණ්ඩත්වයෙන් සිදුකරන ක්‍රියාවන් තුළින් රටට හෝ තමන්ට යහපතක් සිදු නොවන බව අප විරෝධතාවේ නිරත වූ පිරිස් වෙත පැහැදිලි කර දුන්නා. ඉන් අනතුරුව රට තුළ පැවති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගටම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දැඩි ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළකින් මෙම ක්‍රියාකාරකම් මර්දනය පිළිබඳ තීරණය ගනු ලැබුවා. ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රටම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධානම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩ පැවැත්වීම සම්බන්ධයි. එවිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මිලදී ගැනීමට නොහැකි වීමත් මත මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා. ඒ අනුව 4665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12269ක් සිදුකර තිබෙනවා. මිලියන 700 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ,මුදල් ආදි වත්කම් මිලියන 294ක්‌ පමණදේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර තිබිදිත් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයින් පවා එලෙස ප්‍රකාශ කරමින් මෙම මෙහෙයුම් හෑල්ලුවට ලක් කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් අපව අධෛර්යයට පත් කර මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටු කරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදු කිරීමේදී බොහෝ බාධකවලට මුහුණ දීමටද සිදුවනවා. පුද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවත් මේ අමාත්‍ය ධූරය කටයුතු කරන තුරු කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී මෙම කටයුත්ත සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කිරීමට මා කැමතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමාද නිරන්තරයෙන් ලබා දෙනවා. අවශ්‍ය තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා. මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා. රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මැඩ පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසිය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ඉපලෝගමදි බස් රථයක් අලියෙකුගේ ගැටී අනතුරින් 04 ක් රෝහලේ

Next Post

උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved