27 April 2024
#දේශීය

උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම එක හා සමාන ලෙස සැලකිය යුතු බව සඳහන් වුවත් උඩරට කදුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය ස්ථාවරය ශක්තිය ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (24) වතුකම්කරු 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළිය නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

ඔවුන්ගේ පුරවැසි අයිතිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ලබා දුන්නා සේ අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජිවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන මෙම උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් වීම නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් උඩරට කදුරට ප්‍රජාව තමන්ගේම ඉඩමක අයිතිය ඇති තේ කර්මාන්ත ව්‍යවසායකයෙක් බවට පත් කරන කුඩා තේ වතු හිමියන් බිහි කිරීමේ විප්ලවය සමගි ජන බලවේග රජයක් තුළ ආරම්භ කරන බව හෙතෙම කියා සිටියේය.

කතාවට ප්‍රකාශවලට පමණක් සීමා වූ කාලය අවසන් කර ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමේ කාලය එළඹ ඇති බවත් සමගි ජන බලවේගය බලයට පත් වී පළමු ධුරකාලය තුළම උඩරට කදුරට ප්‍රජාවට අභිමානවත් ජන ජිවිතයක් උදාකරලීමේ ගමන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් මේ රට ශක්තිමත් කිරිමට අතිවිශාල කාර්යභාරයක් ඉටු කරමින් මේ රටට වැදගත් විදේශ විනිමය උපයන කදුරට උඩරට ජනතාවට ගෞරවය පිරිනැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *