• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමුතුම පරිසරවේදීයෝ ටිකක් අද විලාප දෙන බව ඇමැති විමල් කියයි

21 March 2021
in දේශීය

අමුතුම පරිසරවේදියෝ පිරිසක් ‘මෙන්න කැලෑ කපනෝ’ කියමින් අද විලාප දෙමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ‘දැයට එළිය’ තේමාව යටතේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව කොරෝනා වසංගතය ඇතුළු බොහෝ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජනතාවට තම වගකීම සහ යුතුකම ඉටු කරමින් සිටින බව ඔබ සැම පිළිගන්නවා ඇති. මේ රට අවුලෙන් අවුලට ඇදගෙන ගිය පැවැති ආණ්ඩුව අපට ලබාදී ගියේ ආර්ථික වර්ධන වේගය 2%කටත් වඩා අඩු වේගයක් සහිත, ආර්ථිකය බිද වැටුණු රටක්. ඔවුන් ඒ වන විට රටේ ජාතික ආරක්ෂාව ද බිංදුවට බස්සවා තිබුණා. ඒ සියල්ල ක්‍රමානුකූලව යළි ගොඩනංවමින් තමයි අපට ආණ්ඩුවක් හැටියට ජනසහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිව තිබෙන්නේ.

ලෝකයේ කොරෝනා වසංගතයට එරෙහි එන්නත් ලබාදෙන රටවල් සුළු ප්‍රමාණය අතර අප රට ද අද ඉන්නවා. ආර්ථිකය ගොඩනංවමින්, සංවර්ධන වැඩ කටයුතු සිදු කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද බිඳ වැටීමට ඉඩ නොදෙමින් ඉදිරියට යන අපේ ආණ්ඩුව ‘දැයට එළිය’ යන තේමාව යටතේ තමන්ගේ වියදමින් විදුලිය ලබා ගත නොහැකි පවුල් වෙසෙන නිවෙස්වලට නොමිලේ විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. බොහෝ රටවල සුබසාධන කප්පාදු කරලා, විදුලි බිල්පත ද වැඩි කරන කාලයක තමයි අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. නොමිලේ විදුලිය ලබා දීමෙන් අපි බලාපොරොත්තු වන්නේ රෑට ‘බල්බ් එකක්’ පත්තු කරදීම නොවෙයි. ඒ පවුල්වල දරුවන්ට අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම සලසා දීමයි අපි සිදුකර දෙන්නේ. නිදහස් අධ්‍යාපනය හිමි දරුවන්ට හොඳින් පාඩම් කටයුතු කරලා ඉදිරියට ගියාම දුගී දුප්පත්කම ජය ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුලක සිට මධ්‍යම ආදායම්ලාභී පවුලක් දක්වා පරිවර්තනය වීමට දෙන ප්‍රධානතම තල්ලුවක් තමයි මේ නොමිලේ විදුලිය ලබා දීම.

මේ විදිහට සංවර්ධන කටයුතු සිදු කරමින්, නව වගා බිම් අස්වැද්දීමට ජනතාව පොළඹවමින් ඉදිරියට යනකොට සමාජ මාධ්‍යවල ‘පිටරටවල කැලෑ කැපූ ඡායාරූප’ පවා යොදාගෙන ‘මෙන්න සිංහරාජය කපනෝ’ කියා කෑගහන අමුතුම පරිසරවේදියෝ ටිකක් දැන් බිහිව තිබෙනවා. එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපන විට, පසුගිය ආණ්ඩුව කුඹුරු, තෙත් බිම් ගොඩ කරන විට හිටපු නැති පිරිසක් දැන් අතිශයෝක්තියෙන් කටයුතු කරන මහා පරිසරවේදියෝ බවට පත්වෙලා තිබෙනවා. 2015ට කලින් ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියලා අතිශයෝක්තියෙන් ගොඩනඟපු පච අවලාද මෙහෙයුමේ දෙවන අදියර තමයි දැන් ‘මෙන්න කැලෑ කපනෝ – මෙන්න සිංහරාජෙ කපනෝ’ කියමින් ආරම්භ කර තිබෙන්නේ.

මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් අපි බැඳී සිටිනවා. රැම්සා තෙත්බිම විනාශ කරන්න හදන විට පසුගියදා පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අපයි. ඇත්තටම කැලෑ කපනවා නම් ඊට කාටත් කලින් අපි විරුද්ධ වෙනවා. මේ කෑගහන අය කරන්නේ පරිසරය ආරක්ෂා කිරීම නොවෙයි. පරිසරය හා සංවර්ධනය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාමේ අභියෝගය තමයි අප ඉදිරියේ පවතින්නේ. දැන් මේ අයට පෙනෙනවා ‘රටේ සංවර්ධනයක් වෙනවා. ඒක අපි අඩාල කරන්න ඕනේ. අඩාල කරන්න නම් කැලෑ කපනෝ, කියමින් විලාප දෙන්න ඕනේ.’ කියලා. සමහර රූපවාහිනී නාලිකා තිබෙනවා, හැමදාම කුමන හෝ කැලෑවක් කපනවා කියා බොරුවක් පෙන්වන. වනාන්තරයක් කියන්නේ වන සංරක්ෂණ හෝ වෙනත් කුමන හෝ නීතියක් මගින් ගැසට් කර තිබෙන එකක්. පෞද්ගලික ඉඩමක, වගා බිමක ගස් කිහිපයක් තිබිලා ඒක කැපීම, කැලෑවක් කැපීමක් නොවෙයි. නිදසුනක් ලෙස මේ රටේ පරිපාලන නගරය වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ විශාල භූමිභාගයක් කොහොඹ ශාකය වැවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් වෙන් කර දීම පෙන්වා දීමට පුළුවන්.

අපි කවුරුත් ඒ පැරදුණු, බංකොලොත් දේශපාලන කල්ලිවල බොරු අවලාදවලට රැවටිය යුතු නැහැ. දැන් බලන්න ජාතික ආරක්ෂාව රැකෙන හැටි. අපේ ආණ්ඩුව මේ රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ නීතිය පිළිගන්නේ නැහැ, කියමින් පුරාජේරු කතා කියපු අසාද් සාලි දැන් ඉන්නේ හිර ගෙදරයි. ‘මේ අවලාදවලට නොරැවටෙමින් රටත් ආර්ථිකයත් බලගන්වමින් වැරදි නිවැරදි කර ගනිමින් අපේ ගමන යමු. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කෙරුමට කැපවෙමු!’ කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

සංවර්ධනයේ ප්‍රධානතම මාවත වන්නේ විදුලි බලයයි. ඒ නිසා මේ රටේ විදුලිය නොමැති සියලු පවුල් වෙත නොමිලේ විදුලිය ලබා දීමට කැප වන විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඇතුළු සියලු බලධාරීන්ටත් මගේ කෘතවේදීත්වය පුද කරනවා. අද සිව් දරු පවුල් වෙත රුපියල් ලක්ෂයක ප්‍රදානයක් සිදු කරමින් ද ‘අතමිට සරු සන්නාලිය’ වැඩසටහන යටතේ කාන්තා ව්‍යවසායිකාවන්ට මහන මැෂින් ලබා දෙමින් ද කඩුවෙල නගරාධිපතිතුමා ඇතුළු මහ නගර සභාව කළ සද් කාර්යය ද ඇගයිය යුතුයි. මේ සියල්ල අපට ලැබෙන්නේ නිවැරදි දැක්මක් සහිත, සාමූහිකව කටයුතු කරන නගරාධිපතිවරයකු අපි හැමෝම එකතුවෙලා පත් කරගත් නිසයි. ‘මේ සියලු ප්‍රතිලාභ ලබමින් අනාගත පරපුර වෙනුවෙන් ලස්සන රටක් හදන්න පෙරට එන්න’ කියා ඔබ සැමට ඇරයුම් කරනවා”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

රට වහලා තිබ්බත් කොරෝනා නිසා මිය යන බව ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක්

editor

editor

Next Post

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved