27 April 2024
#දේශීය

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මොහාන් සමරනායක වැඩ භාර ගනි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජන මාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත් පතේ උපකර්තෘ වරයකු ලෙසිනි.

ඉන්පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු පසුව වසර 05ක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවීය.

අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස දිගුකලක් ‌ සේවය කළ අතර, ඉන් පසුව ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට පත් කරනු ලැබීය.

මොහාන් සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි ද වරක් ‌සේවය කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *