ත්‍රිකුණාමල – හබරණ ප්‍රධාන මාර්ගයේ තඹලගමුව පොලිස් වසමට අයත් අග්බෝපුර ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන කාලයේදී ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම තඹලගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තඹලගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














