27 April 2024
#දේශීය #පුවත්

මන්ත්‍රී හර්ෂ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට එරට සංචාරයක නිතර වේ. ඒ මහතා එරට දින 09 ක් පුරා විවිධ පාර්ශව ගණනාවක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

එහිදි මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, විද්‍යාඥයින් සහ ආයෝජන කළමනාකරුවන් මුණ ගැසෙනවා. ඉන් අනතුරුව, ඔහු ඇඩිලේඩ් සහ කැන්බරා හි වෙසෙන රජයේ නිළධාරීන් සහ දේශපාලනඥයින් ගණනාවක් මුණ ගැසීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *