• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

22 February 2024
in පුවත්, ව්‍යාපාර
Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර හා සිල්ලර භාණ්ඩ බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’ වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම අවලංගු කිරීම් සංඛ්‍යාවක් වාර්තා කිරීම, පාරිභෝගිකයින් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම සහ උපරිම ආරක්ෂිත සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වීම යන කරුණු පිළිබඳ ව විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙවර ‘Delivery Bonanza’ වැඩසටහන මගින් කොළඹ, නුවර, කුරුණෑගල, මීගමුව, කළුතර, ගාල්ල, බේරුවල සහ බණ්ඩාරගම යන ප්‍රදේශ ආශ්‍රිතව තෝරා ගන්නා ලද බෙදාහැරීමේ නියෝජිතයින් සඳහා රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග පිරිනැමිණි. එහි දී ත්‍යාග ලෙස වටිනා ගෘහ උපකරණ, ත්‍යාග වවුචර් ආදී වශයෙන් පුළුල් පරාසයක වටිනා ත්‍යාග රැසක් පිරිනැමුණු අතර, ත්‍යාග හිමි කර ගත් ප්‍රමුඛතම බෙදා හැරීමේ නියෝජිතයින් එකොළොස් දෙනා වෙත විද්‍යුත් යතුරුපැදියක්, විදුලි ස්කූටරයක් සහ විද්‍යුත් බයිසිකල් ඇතුළු වටිනා ත්‍යාග රැසක් ලබා දීම සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ Uber Eats Sri Lanka හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා පැවසුවේ, “Delivery Bonanza ප්‍රවර්ධන වැඩසටහනේ සිව් වන අදියර, අපගේ සේවාව හා සම්බන්ධ බෙදා හැරීමේ නියෝජිතයින්ගේ නොසැලෙන උත්සාහය සහ කැප වීම හඳුනා ගැනීමට අපට සහය වන සුවිශේෂී වැඩසටහනක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඔවුන් අපගේ පුළුල් වගේ ම අති විශිෂ්ට බෙදාහැරීමේ ජාලයේ ගාමක බලවේගය බව පැවසුවොත් මා නිවැරදියි. Uber Eats ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාමයක් බවට පත් කිරීම සඳහා උර දුන් අපගේ බෙදා හැරීමේ නියෝජිතයින්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

‘Uber Eats Delivery Bonanza’ වැඩසටහනේ අරමුණ වන්නේ Uber Eats වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බෙදා හැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කිරීම තුළින් ඔවුන් සවි බල ගැන්වීමයි. Uber මගින් ඔවුන් වෙත පහසු ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට මෙන් ම ඔවුන්ගේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා සහයෝගය ලබා දීම සිදු කෙරෙන අතර, පසුගිය වසරේ දී ක්‍රියාත්මක කෙරුණු ‘Uber Eats Delivery Bonanza’ වැඩසටහනේ දී බෙදා හැරීමේ නියෝජිතයින් 100 දෙනෙකුට විද්‍යුත් බයිසිකල් ප්‍රදානය කෙරිණි.

 

PR

Post Views: 4,771
Previous Post

වී මිල පෞද්ගලික වෙළෙන්දන්ගේ ඒකාධිකාරියක් බවට පත්වෙලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

මන්ත්‍රී හර්ෂ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක

editor ttvnews

editor ttvnews

Next Post
සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

මන්ත්‍රී හර්ෂ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved