• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

19 May 2021
in දේශීය

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරේ.

එහිදී යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූහ. ආබාධිත වූ රණවිරුවෝ විසිහත්දහසකට අධිකය. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කෙරිණි.

ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස, මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.

ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබිණ.

යුද හමුදා ගෞරවාචාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

Post Views: 5
Previous Post

පෝට්සිටි පනත සම්මත කර රටේ ඉදිරි ගමනට සහාය දෙන්නැයි සියළු මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් ආරාධනා

Next Post

රාජ්‍ය ඇමති සුදර්ශිනී දානපතියන්ට කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර ලැබෙයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමති සුදර්ශිනී දානපතියන්ට කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved