27 April 2024
#දේශීය

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

 ඒ අනුව රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාත තුළ පදිංචි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම ද සිදු කෙරේ.

තවද, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටින ලද අතර, මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට සුදානම් බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

 

 

 

 

Navy supports acceleration of COVID-19 vaccination in Western Province

 

Supporting the COVID-19 vaccination programme carried out by the Armed Forces Hospitals of tri-services focusing on the people of the Western Province, to control the transmission of the pandemic, Sri Lanka Navy is conducting inoculation drives to administer Sinopharm vaccine at the Lighthouse premises on Chaithya Road Colombo and Elapitiwela Chandrawansha Vidyalaya in Ragama commencing from today (05th July 2021).

 

Accelerating the vaccination programme set about by the Government to control the spread of the COVID-19 pandemic, Sri Lanka Navy is administering the first dose of the Sinopharm vaccine to people over 30 years of age in the Western Province, as well as the second jab to those who already received the first dose.

 

Commencing from today (05th July), the vaccination programme will be held from 08.30 in the morning to 04.30 in the evening. The general public over 30 years of age in the Western Province, including government and private sector employees are entitled to get their Sinopharm vaccine as part of this programme.

 

Meanwhile, the people on both locations were keen to receive their COVID-19 jabs adhering to COVID-19 protocols in force to arrest the transmission of the pandemic and the Navy will continue to provide necessary support for this drive in the future as well.

Leave a comment

Your email address will not be published. Required fields are marked *