27 April 2024
#දේශීය

විශ්‍රාමික සිවිල් ඉංජිනේරු පී.එච්.ඩී වෛද්‍යතිලකගෙන් ලක්ෂ 32 ක් පරිත්‍යාග කරයි

විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී වෛද්‍යතිලක මහතා ඉදිරිපත්වෙමින් ඔක්සිජන් හයිෆ්ලෝ තෙරපි යන්ත්‍ර 04ක් රෝහල් පද්ධතිය වෙත මිළදී ගැනීම සදහා රුපියල් මිලියන 3.2ක පුද්ගලික ධනපරිත්‍යාගයක් සිදුකර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැරකර ඇති අතර ඒ බව සනිටුහන් කරමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම් එස්.ඒ.ධර්මවර්ධන මහතා විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේදී එය නිල වශයෙන් ඉදිරිපත් කරන ලදි.

සිය පුරවැසි වගකීම නිසිලෙස ඉටුකරමින් කොවිඩ් වසංගතය ආරම්භවූ මුල්කාලයේ සිටම සිය පුද්ගලික ධන පරිත්‍යාගයන් ලබාදෙමින් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට මීට පෙරද වෛද්‍යතිලක මහතා කටයුතු කර ඇති අතර මෙවර කොවිඩ් ආසාදනය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙත අවශ්‍ය කරන ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර 04ක් බලපිටිය රෝහල ඇතුලු රෝහල් 04කට ලබාදීමට අවශ්‍ය මුදල් පරිත්‍යාග සිදුකර ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් සිය පරිත්‍යාගය සිදුකිරීමට වෛද්‍යතිලක මහතා නොපැමිණියද එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගය කොවිඩ් 19න් ජනතාව ආරක්ෂා කරගැනීමට මහත් පිටිවහලක් වන බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරිය එතුමා වෙත සිය කෘතවේදීත්වය පලකරන බව මෙහිදී සදහන් කළාය.

 

 

 

 

32 lakhs donated by retired Civil Engineer PhD Vaidyathilake

 

 

Retired Civil Engineer PhD Vaidyathilake has donated Rs. 3.2 million for the purchase of four Oxygen High Flow Therapy Hospitals for the Hospital System.

The money has been credited to the National Health Development Fund of the Ministry of Health. Presented as.

 

 

In fulfillment of his civic responsibilities, Dr. Kovil has been donating his personal fortune since the inception of the Kovid Epidemic to donate medical equipment to protect the people from the epidemic. Necessary financial donations have been made to provide to 04 hospitals including

Although Dr. Vaidyathilake did not come to make his donation due to the Kovid epidemic, the Minister of State expressed her gratitude to him, reminding him that his personal donation would be of great help in protecting the people from Kovid 19.
More about responsibilities

Leave a comment

Your email address will not be published. Required fields are marked *