• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

21 May 2024
in දේශීය, පුවත්
වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය අනුප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා නොකරන ලද ඉඩම් රැසක් ඇති බවට අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා වගා කටයුතු සඳහා යොදා ගත යුතුයි. ඒ සමාජය සවි බලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන නිසයි. එබැවින් වගාවට සුදුසු නමුත් මෙතෙක් වගා කටයතු සිදුකර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන ආකාරයේ නව නීති හඳුන්වා දීමට ද කටයුතු කරනවා. එමෙන්ම මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූ දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා. එලෙසම ව්‍යවසායක රාජ්‍යයක් බිහිකර ගැනීමට ද අප කැපවිය යුතුයි. ඊට සමඟාමීව සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතුයි. රට සංවර්ධනය කර ඉදිරියට ගෙනයාමට මෙම කටයුතු සිදුකල යුතුයි. තවද පෙර පාසල් ගුරුවරුන් සවිබලගැන්වීම සඳහා “ලියසවිය වැඩසටහන” අප දියත් කර තිබෙනවා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. ඒ සඳහා මේ වසර තුළ පවුල් ලක්ෂ 03ක් සවිබල ගැන්විය යුතුයි. ඊට අවශ්‍ය ලේඛන 188,000ක් පමණ සකස් කර තිබෙනවා. එහිදී ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 10,000ක් සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 16,000ක් සවිබලගැන්වීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අවසන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිළධාරීන් පුහුණු කිරීම ද මේ මාසයේ අවසන් කරනවා. තවද තරුණ සේවා සභාව, පොල් සංවර්ධන මණ්ඩලය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිදුකරන සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ලබන මාසයේ දී ආරම්භ කරනවා. මේ සියල්ල හරහා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට බලාපොරොත්තු වනවා යැයි රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7,963
Previous Post

දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය

Next Post

රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

editor ttvnews

editor ttvnews

Next Post
රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved