• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුල් පුටු සඳහා නව පත්කිරීම් සඳහා සාධාරණ හේතු අවශ්‍යයයි – ජනපතිගෙන් කමිටුවක්

16 August 2022
in දේශීය

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.

කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.

පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිතුමා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

 

Post Views: 8
Previous Post

තරුණ දින සැමරුමක් මාතලේදි

Next Post

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීමට ජනපතිගේ අවධානය

editor

editor

Next Post

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීමට ජනපතිගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved