• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ – ජනපති

29 May 2024
in දේශීය, පුවත්
කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යම් නීතියක් සම්මත වූ පසු ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයේ පදනම එයයි. උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි. ඇමරිකානු ක්‍රමවේදය මීට වෙනස්. ඇමරිකානු ක්‍රමවේදය මගින්, ඔවුන් යම් නීතියක් කෙටුම්පත් කරන විට, විධායක බලතල ජනාධිපතිටත්, ව්‍යවස්ථාදායක බලතල කොන්ග්‍රසයටත් සහ අධිකරණ බලතල අධිකරණයටත් ලබා දුන්නා. අපේ රට ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය නොකරන නිසා අප පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ක්‍රමයයි.ෆෙඩරල් ක්‍රමයට යාමට ඉන්දියාවට සිදු වූයේ ඔවුන් ෆෙඩරල් රටක් වූ නිසායි. නමුත් අපි ෆෙඩරල් රටක් නොවේ. අපේ රටේ නීති සම්පාදනය පිළිබඳ අවසාන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ශ්‍රී ලංකාවේ පාලන ක්‍රම කිහිපයක් තිබුණා. එක් ක්‍රමයක් එංගලන්ත ක්‍රමය, එයින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. අනෙක විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. ව්‍යවස්ථාදායක බලතල තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. එවිට ජනාධිපති එක පක්ෂයකින් සහ ව්‍යවස්ථාදායකය තවත් පක්ෂයකින් පත් වෙන්න පුළුවන්. ස්විස් පාර්ලිමේන්තු ක්‍රමයට අවධානය යොමු කළහොත් එහිදි පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් කාරක සභාවට හත් දෙනෙක් පත් කරනවා. විධායක බලතල තිබෙන්නේ ෆෙඩරල් කවුන්සිලයටයි. එහි සම්ප්‍රදායක් තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකට මන්ත්‍රී ධූර දෙක බැගින් ලබා දෙනවා. සෙසු පක්ෂවලට එක් මන්ත්‍රී ධූරයක් බැගින් ලබා දෙනවා. ඒ අය පත් කළාට පසුව ආයතන බෙදා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. විධායක බලය යොදවන්නේ ඒ සියලු දෙනා එකතු වෙලා. කැබිනට් මණ්ඩලයට ඇමතිවරු පත් කිරීමට සහ ඉවත් කිරීමට අගමැතිවරයාට බලතල තිබෙනවා. වසරකට වරක් එම හත්දෙනාගෙන් කෙනෙක් සභාපති වෙනවා. අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකාවේ පැවතුණු ඩොනමෝර් ක්‍රමය. එම ක්‍රමයේදී විධායක ක්‍රමය කොටස් හතකට බෙදුණා. එයින් කෙනෙක් කථානායකවරයා ලෙස කටයුතු කළා. ඒ හත්දෙනාගෙන් කෙනෙක් සභාපති ලෙස තෝරා පත් කර ගත්තා. ඒ සභාපති ඇමති ලෙස දිවුරුම් දුන්නා. ඒ ඇමතිවරුන්ගෙන් කෙනෙක් සභානායකවරයා ලෙස තෝරා පත් කර ගත්තා. ආණ්ඩුකාරවරයා තවත් ලේකම්වරු තුන්දෙනෙක් පත් කරගත්තා. ඇමති මණ්ඩලය ලෙස කටයුතු කළේ දහදෙනයි. මේ දහ දෙනාගෙන් ප්‍රධාන ලේකම් සභාපතිවරයා ලෙස කටයුතු කළා. තීරණ ගනු ලැබුවේ මේ මණ්ඩලය රැස්වෙලා.

ඉන් පසුව ප්‍රංශ ක්‍රමය පැමිණියා. එහිදී මහජන ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගනු ලබනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරනු ලබන්නේ මහජනතාව විසිනුයි. ලංකාවේ බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයයි. මෙම ක්‍රමයේ වාසි සහ අවාසි දෙකම තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරය හොඹවමින් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. මහවැලිය, සමනල වැව, ලුණුගම්වෙහෙර වැනි විශාල ව්‍යාපෘති ඉදි කළා. කෝට්ටේ අගනුවරක් බවට පත් කළා. වෙළඳ කලාප දෙකක් ආරම්භ කළා. වසර 11 ක කාලයක් තුළ යුද්ධයක් කරන අතරතුර මේ සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් පමණ ආරම්භ කළා. විධායක ජනාධිපති ධූරය නොතිබුනා නම් ශ්‍රී ලංකාවට යුද්ධය ජය ගැනීමට ලැබෙන්නේ නෑ. විදේශ රටවල් බලාපොරොත්තු වුණේ ලංකාව ඇතුලේ අර්බුදයක් ඇතිවී ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ජනාධිපතිවරයෙක් හිටපු නිසා ඒ බලය කිසි කෙනෙකුට ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එම බලය තිබුණ නිසා තමයි හමුදාව යොදවලා යුද්ධය ජය ගැනීමට හැකිවුණේ. යහපාලන ආණ්ඩුව සමයේ එය නිසි ලෙස සිදුවුයේ නැහැ. විධායක ජනාධිපතිවරයා වෙනමත්, අප වෙනමත් වැඩ කටයුතු කරගෙන ගියා. අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබු නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම බාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා.

එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවෙකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබු නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා. ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ආචාර්ය ප්‍රියානි වි‍ජේසිංහ, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 14,759
Previous Post

නාවික හමුදාවෙන් ගාල්ල දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරයි

Next Post

77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි

77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved