27 April 2024
#දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහා නාම යෝජනා බාර දෙයි

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සදහා නාම යෝජනා පත්‍ර තේරිම් භාර නිලධාරි /මහ දිසාපති තේජානි තිලරත්න මහත්මිය වෙත බාර දිම සිදු විය.

මාතලේ සහ දඹූල්ල මහනගර සභාව,රත්තොට,උකුවෙල,විල්ගමුව,ලග්ගල,අඹන්ගගකෝරළය.නාඋල,දඹූල්ල,යටවත්ත,මාතලේ යන පළාත් පාලන ආයතන වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණෟඩායම් මෙසේ නාම යෝජනා පත්‍ර බාර දිම සිදු වය.

ශ්‍රි ලංකා පොදුජන නියෝජනය කරමින් ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ,පාර්ලිමෙන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකොන් යන මහත්වරුන් ඇතුලු ඒ ඒ පළාත් පාලන ආයතනවල කණ්ඩායම් නායකයින් රැසක් එක්ව සිටි අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න,හිටපු අමාත්‍ය වසන්ත අලුවිහාරේ,හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ,සංවිධායක දයා නන්දසිරි යන මහත්වරුන්ද එක්සත් ජාතික පක්ෂනය නියෝජනය කරමින් දිස්ත්‍රික් නායක ප්‍රියාන් විජේරත්ක,මාතලේ සංවිධායක මානෙල් විජේරත්න,රත්තොට සංවිධෘයක අතුල වික්‍රමනායක,ලග්ගල සංවිධායක අනුරුද්ධ බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද නව ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුලු පිරිසක්ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඇතුලු පිරිසක්ද ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් මා‍තලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ් මහතා ඇතුලු පිරිසක්ද ස්වාධින කණෟඩායම් නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *