• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වල COVID-19 තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් 

25 August 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත් වී සිටින බව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි පවසයි.

නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වන විට ආයතනයක් වශයෙන්, අපගේ දරුවන්, තරුණ තරුණියන්, මවුවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අප මේ වනවිට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි විසින් නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

රට පුරා පිහිටි අපගේ ළමා ගම්මාන වල දැඩි ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබියදී පවා, දරුවන්, තරුණ තරුණියන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් (නේවාසික සහ නේවාසික නොවන) රැසකට COVID-19 රෝගය ආසාදනය වී ඇති බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

පිළියන්දල පිහිටි අපගේ ළමා ගම්මානයේ දරුවන් සහ තරුණ තරුණියන් 40 දෙනෙකුට සහ, මවුවරුන් ඇතුළුව නේවාසික කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. තවද එහි නේවාසික නොවන තරුණ තරුණියන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 42 දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මීට අමතරව, අනුරාධපුර ළමා ගම්මානයේ 10 දෙනෙකුටද, යාපනය ළමා ගම්මානයේ 4 දෙනෙකුටද, ගාල්ල ළමා ගම්මානයේ 2 දෙනෙකුටද, මොණරාගල ළමා ගම්මානයේ 2 දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන් අනුව, රෝගය වැළඳුණු සියලුම දෙනා නිරෝධායනයට යොමු කිරීමට අපි වහාම පියවර ගත්තෙමු. එමෙන්ම ඔවුන් සුරක්ෂිතව සිටින බවත්, අවශ්‍ය සියලුම ප්‍රතිකාර ඔවුන් වෙත ලැබෙන බවත් අවධාරණය කරන අතරම, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.

රට පුරා ක්‍රියාවට නංවා තිබූ අපගේ සියලුම ව්‍යපෘති මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අපගේ ළමා ගම්මාන 6 වෙතට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර ඇත. එම ගම්මාන තුළ වෙසෙන පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා, සියලුම ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ යාන්ත්‍රණයන් මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.

අප මේ මුහුණ දී සිටින්නේ, ඉතාමත් පහසුවෙන් ආසාදනය වන සහ වේගයෙන් පරිණාමය වන වෛරසයක් නිසා ඇති වූ වසංගත තත්ත්වයකට ය. මෙහිදී අපගේ දරුවන් සහ තරුණ තරුණියන් මෙන්ම, ඔවුන් රැකබලා ගැනීමේ වගකීම පැවරී ඇති මවුවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි ප්‍රමුඛත්වය දී ඇත්තෙමු.
පවතින තත්ත්වය අප සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, අදාළ සියලුම ආරක්ෂක විධිවිධාන දැඩිව ක්‍රියාවට නංවා ඇති බවද අවධාරණය කරමු.

දිවාකර් රත්නදුරෙයි
ජාතික අධ්‍යක්ෂ
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන

 

Post Views: 4
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

Next Post

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලබා නොදෙන්නේ අධිකරණ කටයුතුවලට බාධාවන නිසයි – පොලිස්පති

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලබා නොදෙන්නේ අධිකරණ කටයුතුවලට බාධාවන නිසයි - පොලිස්පති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved