ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග තෙල් සැපයුම්වලට බාධා එල්ල වී ඇති පසුබිමක, තෙල් නිෂ්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ දැමීම පිළිබඳව OPEC+ සංවිධානය අද (01) සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ලොව ප්‍රධානම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය අත්හිටුවා ඇති අතර, තෙල් මිල බැරලයක් ඩොලර් 73 දක්වා ඉහළ ගොස් ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි බාධාකිරීම් පියවා ගැනීමට OPEC+ නිෂ්පාදනය ඉහළ දැමුවද, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැර සෙසු සාමාජික රටවලට නිෂ්පාදනය ඉහළ දැමීමට පවතින සීමිත හැකියාව නිසා මෙහි බලපෑම සීමිත විය හැකි බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, යුද්ධය දීර්ඝ වුවහොත් තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවා ඇත.
















