• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙළුම් කුළුණේ මෙහෙයුම් එළැඹෙන 15 වනදා ඇරඹෙයි

31 August 2022
in දේශීය

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බවයි.

මේ වනවිට ‍ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කර ඇති අතර එයින් ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටී. මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය.

ජනතාවගේ ඉල්ලීමට සරිලන අයුරින් නව තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ තෝතැන්නක් බවට නෙළුම් කුළුණේ මෙහෙයුම් සන්නද්ධ කර ඇති අතර එයට අක්කර 10.5ක භූමි භාගයක් අයත් වේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය. ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
‍
පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී. ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලිපදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.
තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුළුණ සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මේ සියලුම අත්දැකීම් ලබන 15 වනදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතය.

 

Post Views: 8
Previous Post

ජී එල් පීරිස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනි

Next Post

අතුරු අයවැය ශ්‍රී ලංකාවේ අර්බුදය තාර්කිකව තේරුම් ගත්තා – එස්.බී

editor

editor

Next Post

අතුරු අයවැය ශ්‍රී ලංකාවේ අර්බුදය තාර්කිකව තේරුම් ගත්තා - එස්.බී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved