පසුගිය 19 වනදා රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
එම සිදුවීමට අදාළ නඩු විභාගය අද තුන්වන දිනටත් කැඳවනු ලැබූ අතර එහිදී කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් එම නියෝගය කර ඇත.
ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 27 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් නමැත්තෙක් මිය ගිය අතර පුද්ගලයින් 29 දෙනෙකු රෝහල්ගත කලේය.
 
			 
                                 
                                 
							












