27 April 2024
#සංවර්ධන

නව භෝග වගාවන් හදුන්වා දී ග්‍රාමීය ආර්ථිකය ඉහල නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව නව වැඩපිලිවෙලක්

ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීමට සහ නව බෝග වගාවන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයට යම් සහයක් ලබා දීම සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පසුගියදා සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡා ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (I L O) ප්‍රධානී ආචාර්‍යය තෝමස් ක්‍රින්ක් මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි විය.

පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් ග්‍රාමීය මට්ටමින් වගාවන් හදුන්වා දීමටත් ඒම වගාවත් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහය හා පුහුණුව ලබා දීමටත් යෝජනා වූ අතර ඉදිරියේදී ඒ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, සහකාර ලේකම් සහ ගරු රාජ්‍ය අමාත්‍ය තුමන්ගේ පෞද්ගලික ලේකම් ද සහබාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *