27 April 2024
#දේශීය

නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත මුල් සිවුරු පිරිකරයන් මහානාහිමිවරුන්ට පුජා කෙරේ

නියංගොඩ පේෂකර්ම පේෂකර්ම මධ්‍යස්ථානයේ පළමු වරට වියනු ලැබූ සිවුරු පිරිකරයන්, ශ්‍රී දළදා මාලිගාවට පුජා කිරීම සිදු කෙරිණ.

එහිදී මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්වහන්සේටත්, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක ස්වාමින්වහන්සේටත්, නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනු නායක ස්වාමින්වහන්සේටත් පූජා කිරීමේ විශේෂ අවස්ථාව 24 – 25 දෙ‍දින සිදුවිය.

ලංකා සළුසලට අයත් ව දිරාපත් ව යමින් තිබු නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමීන්වහන්සේ‍ගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින්, සාම්ප්‍රදායික කර්මාන්ත රැකගැනීමේ අරමුණින්, ග්‍රාමීයව රැකියා අවස්ථාවන් ද බිහිකිරීමේ අභිප්‍රායෙන් මධ්‍යම පළාත් සභා‍ව වෙත පවරාගෙන, ක්‍රියාත්මක කරනු ලැබුවේය.

වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත නියංගොඩ සළුසල මධ්‍යස්ථානය කැබිනට් තීන්දු කිහිපයක් පැවතියත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීමට නොහැකිව පැවති අතර ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 21 දා යළි භාවිතයට ගැනීම සිදුවිය. මෙම අවස්ථාවන් සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ යන මහත්වරුන් ද පළාත් සහකාර පේෂකර්ම අධ්‍යක්ෂකවරිය ද සහභාගී විය.

 

මාතලේ – මහේෂ් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *