• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

PLC සමාගම ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබයි

27 October 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC), මේ දක්වා විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ.

එම ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් වශයෙන් PLC සමාගම, ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.

PLC සමගම 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ‘Multi-Dimensional’ යන තේමාව යටතේ නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවට එම සම්මාන උළෙලේදී Financial Data: Financial Services: General, Infographics: Financial Services: General, Chairman/President’s Letter: Financial Services: General යන කාණ්ඩ යටතේ රන් සම්මාන සහ Non-Traditional Annual Report: Financial Services: General යන කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මීට අමතරව Infographics කාණ්ඩයේ ප්‍රධාන සම්මානය දිනාගැනීමටද PLC සමත් වූ අතර, මේ සියලු සම්මාන සමගින්, සම්මාන උළෙලට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික සමාගම් අතරින් වැඩිම රන් සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සමාගම බවට පත්වීමටද PLC සමාගමට හැකියාව ලැබිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ Mercomm Inc. මගින් සංවිධානය කරනු ලබන ARC සම්මාන උළෙල, වාර්ෂික වාර්තා සම්මාන උළෙල අතර ඇකඩමි සම්මාන උළෙල ලෙස සැලකේ. මෙවර සම්මාන උළෙලට මහාද්වීප 6 ක කාල කලාපයන් 24 කට අයත් රටවල් 34 කින් තරඟකරුවෝ 1,560 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ.

“මෙම සම්මාන අප වෙත හිමි වීම මගින් පෙනී යන්නේ, විශිෂ්ට නිරවද්‍යතාවක් සහ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ රටාවක් සමගින්, අපගේ සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපත සැලසෙන ආකාරයට මූල්‍ය තොරතුරු වාර්තා කිරීමට අප සතු හැකියාවයි.” PLC සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසී ය.

“මූල්‍ය වාර්තාකරණයේ සහ ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම, වගකීම් සහගත සහ විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික පරිචයන් සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. දියුණුවෙන් දියුණුව කරා යමින් අපගේ පාර්ශ්වකරුවන්ට විශිෂ්ට වටිනාකම් තිළිණ කිරීමට මෙම සම්මාන අප දිරිගන්වනවා.” PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සලීන් මහතා පැවසී ය.

මීට පෙරද අඛණ්ඩව වසර 3 ක් ARC සම්මාන උළෙලේදී රන් සම්මානවලින් පිදුම් ලැබීමට PLC සමත් විය. මෙම සම්මාන සියල්ල, මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය සඳහා මෙන්ම කාටත් ගෝචර වන පරිදි ආකර්ෂණීය සහ නව්‍ය ආකාරයට මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා PLC සමාගම දරන උත්සාහයට සාක්ෂි දරයි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හෙවත් PLC යනු මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන මූල්‍ය සමාගමකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා සිටී. ශක්තිමත් පදනමක්, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් සහ විශිෂ්ටත්වය උදෙසා නොසැලෙන කැපවීමක් සහිත PLC, මේ වනවිට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත. මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන PLC, ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට හා සෞභාග්‍යට උරදෙන විශ්වාසනීය හා ගෞරවණීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස දිගින් දිගටම තමන් සතු පිළිගැනීම තහවුරු කරගනිමින් සිටී.

පිටපත – PR

Post Views: 8
Previous Post

තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි -ජනපති

Next Post

නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත මුල් සිවුරු පිරිකරයන් මහානාහිමිවරුන්ට පුජා කෙරේ

editor

editor

Next Post

නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත මුල් සිවුරු පිරිකරයන් මහානාහිමිවරුන්ට පුජා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved