• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

P&S’මනු මෙහෙවර ව්‍යාපෘතිය’ හරහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිඔස්මෝසිස් පද්ධතියක් පරිත්‍යාග කරයි

20 June 2023
in දේශීය

වසර 120කට අධික ඉතිහාසයකට උරුම කම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් කීර්තිමත් ක්ෂණික සේවා ආපනශාලා ජාලය වන Perera & Sons Bakers (Private) Limited (P&S), සිය ආයතනික සමාජ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කිරීම පසුගියදා සිදු කෙරුණි.

ඒ අනුව ‘P&S මනු මෙහෙවර’ වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අත්වැල් බැඳගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත නවීනතම ප්‍රතිඔස්මෝසිස් (RO) පද්ධතියක් පරිත්‍යාග කෙරිණි. මෙම ව්‍යාපෘතිය මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ කාර්‍යමණ්ඩලයට සහ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය සැපයීම අරමුණු කරයි.

1940 වසරේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල කලාපයේ වැදගත් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස සුවිශේෂී සේවාවක් ඉටු කරයි. දිනකට ආසන්න වශයෙන් 2,000කට අධික රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණෙන මෙම රෝහලට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවක් කලක සිට පැවතුණි.

ඒ අනුව එම අවශ්‍යතාවට විසඳුමක් වශයෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) ස්ථාපනය කෙරුණු මෙම නව RO පද්ධතිය පරිත්‍යාග කිරීම මඟින් P&S සමාගම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් 6 වන ඉලක්කය (පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව) සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිය කැපවීම පිළිබිඹු කරයි. මෙම ඉලක්කය සාක්ෂාත් කිරීම හරහා මානව සෞඛ්‍ය සහ පාරිසරික තිරසාරත්වය සඳහා පිරිසිදු ජලය හා ප්‍රමාණවත් සනීපාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් P&S සමාගම කැප වෙයි.

P&S සමාගම දියත් කරන පුළුල් සමාජ හා පාරිසරික වැඩසටහන්, එක්සත් ජාතීන්ගේ 6වන තිරසාර ඉලක්කයට අමතරව, 10 වන (අසමානතා අවම කිරීම) සහ 12වන (වගකීම් සහිත පරිභෝජනය සහ නිෂ්පාදනය) ඉලක්ක සපුරාලීම වෙනුවෙන් ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර, ජනතාව මුහුණ දෙන හදිසි ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා එම වැඩසටහන් මඟින් යම් සහයෝගයක් ලබා දීම එම සමාගමේ අරමුණයි. එමෙන් ම පරිසරය කෙරෙහි සංවේදී වෙමින්, පාරිසරික ගැටලු සඳහා නිවැරදි විසඳුම් ලබා දීම හරහා සෑම පුද්ගලයෙකුගේ ම සමෘද්ධිමත් භාවය තහවුරු කරන අනාගතයක් නිර්මාණය කිරීම P&S සමාගමේ මූලික ඉලක්කයකි.

P&S සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ” ‘P&S මනු මෙහෙවර’ වැඩසටහන හරහා ඵලදායි සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව උදා කර දීම සඳහා කැප වීමෙන් ක්‍රියා කරන අපගේ සේවක සේවිකාවන්ට ස්තුතිය පුදකිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ කාර්ය මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය නිසා මෙම නවතම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපට ලැබුණා. P&S සමාගම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පාරිසරික තිරසාරභාවය සහ සමාජ සුබසාධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් සාර්ථක සමාජ සත්කාරක ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ හරහා අපගේ ජනතාවට ධනාත්මක බලපෑමක් ඇති කරමින්, ඉදිරියේ දී ත් මෙම වැඩසටහන් මාලාව ශක්තිමත්ව සහ සාර්ථකව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

වර්ෂ 1902 දී ආරම්භ කෙරුණු P&S සමාගම වර්තමානය වන විට මෙරට ජනතාවට සමීපතම ගෘහ සන්නාමයක් බවට පත් වී ඇත. සිය ගමන් මගේ දී P&S සමාගම විවිධ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කිරීමට කටයුතු කර ඇති අතර, ‘P&S මනු මෙහෙවර’ වැඩසටහන යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පාරිසරික තිරසාරත්වය සහ සමාජ සුබසාධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව සිය සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එම සමාගම කටයුතු කරයි.

Post Views: 18
Previous Post

බස්නාහිර පළාත තුළ ඩෙංගු පාලනයට පුළුල් වැඩසටහනක්

Next Post

අයවැය කාර්යාලයක් පාර්ලමේන්තුවේ ස්ථාපනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

අයවැය කාර්යාලයක් පාර්ලමේන්තුවේ ස්ථාපනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් - රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved