• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව ‍දින 04ක් රැස්වේ… ගම්මන්පිලගේ විශ්වාසභංග විවාදය 19 සහ 20

5 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කර තිබේ.

මේ අනුව හෙට දිනයේ ( 06) පාර්ලිමේන්තුව පෙ.ව 10.00 රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයක් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයන්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩිකිරීමට අදාළ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

ඉන්පසු දිනය වන ජූලි 07 වනදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2 ක්ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

මේ අතර එදින ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

ජූලි 08 වන දින පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත , ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත, ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

මේ අතර ජූලි 09 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය විය.

තවද පාර්ලිමේන්තුව රැස්වන දින හතරෙහිදීම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කොට ඇති අතර සිකුරාදා (09) හැර අන් දින තුනේදීම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කාලය වෙන් කර ඇත.

මෙම රැස්වීමට සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, එම්.යූ.එම් අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද සහභාගී වූහ.

 

 

 

 

 

 

Parliament will convene for 4 days

The Committee on Parliamentary Business chaired by the Hon. Speaker Mahinda Yapa Abeywardena which was held today (05), decided that the Parliament will convene for four days from tomorrow (06) until Friday (09), the Secretary General of Parliament Mr. Dhammika Dasanayake said.

Meanwhile, the no-confidence motion against the Hon. Minister of Energy Udaya Gammanpila will be taken up for debate on the 19th and 20th of July.

Accordingly, Parliament will convene tomorrow (06) at 10.00 a.m. and from 11.00 a.m. to 4.30 p.m. Accordingly, the Code of Criminal Procedure (Amendment) Bill, Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment (Amendment) Bill, an Order under the Code of Criminal Procedure (Special Provisions) Act and the revision of salaries and allowances accorded to the Office of the Missing Persons is scheduled to be taken up for debate the Secretary General of Parliament Mr. Dhammika Dasanayake said. The Motion at the Adjournment Time by the Government will be taken up for debate from 4.50 p.m. to 5.30 p.m.

The following day, 07th July, two Orders under the Export Development Act are to be taken up for debate and approved. Thereafter, Motion at the Adjournment Time by the Opposition will be taken up for debate from 4.50 p.m. to 5.30 p.m.

The Registration of Electors (Amendment) Bill, General Sir John Kotelawala National Defense University Bill, Regulations under the Immigrants and Emigrants Act will be taken up for debate on July 08th from 11.00 a.m. to 4.30 p.m. Thereafter, Motion at the Adjournment Time by the Opposition will be taken up for debate from 4.50 p.m. to 5.30 p.m.

Meanwhile, it has been decided to hold the Adjournment Debate on the Annual Report of the Central Bank of Sri Lanka for the year 2020 on Friday 09th July from 11.00 am to 5.30 p.m.

During the four days of Parliament, time has been allotted for Questions for Oral answers of the Members of Parliament from 10.00 a.m. to 11.00 a.m. and time has also been allotted for Questions at the Adjournment Time on all three days except on Friday (09) from 4.30 p.m. to 4.50 p.m. for both the Opposition and the ruling party.

Hon. Leader of the House Dinesh Gunawardena, Hon. Leader of the Opposition Sajith Premadasa Hon. Minister of Highways and Chief Government Whip Johnston Fernando, Hon. Chief Opposition Whip Lakshman Kiriella, Hon. Cabinet Ministers Chamal Rajapaksa, Nimal Siripala de Silva and Prof. GL Peiris, Douglas Devananda Dullas Alahapperuma, Wimal Weerawansa, Mahinda Amaraweera, Vasudeva Nanayakkara, M.U. M. Ali Sabry, Prasanna Ranatunga and Hon. Parliamentarians Anura Kumara Dissanayaka, Ranjith Madduma Bandara, Gayantha Karunatilleka, Rishad Bathiudeen, Field marshal Sarath Fonseka were present at the meeting.

 

 

Post Views: 4
Previous Post

කිලිනොච්චියේ චීන සමාගම ගැන තොරතුරු දෙන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට කියයි

Next Post

රත්නපුර සිදු වු අනතුරින් අයෙකු මියයයි

editor

editor

Next Post

රත්නපුර සිදු වු අනතුරින් අයෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved