27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතවු කිසිදු රෝග ලක්ෂණ නොමැති අය නිවෙස් තුලම ප්‍රතිකාර කිරීමට තීරණය කෙරේ

කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) පැවසුවේ එම ක්‍රමවේදය එලැඹෙන සඳුදා සිට එය ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *