27 April 2024
#විදෙස්

ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය පැවැති යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල ප්‍රහාරයක් එල්ල කර එය විනාශයට ලක් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය සිදුකර තිබෙන බවයි.

ප්‍රහාරයට පෙර මෙම ගොඩනැගිල්ලේ අයිතිකරුට ඊශ්‍රායල් හමුදාවෙන් පැයකට පමණ පෙර ඇමතුමක් ලැබුණු බවත් එහිදී කාර්ය මණ්ඩලයට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම විනාශයට පත්වු ගොඩනැගිල්ලේ අල් ජසීරා නාලිකාව මෙන්ම ඇසෝසියේටඩ් ප්‍රෙස් යන දෙකටම තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයට හේතුව ලෙස වාර්තා වන්නේ එහි යම් සන්නද්ධ කල්ලියක් පුහුණුවන බවට ලැබුණු වාර්තාවක් අනුව බව එම වාර්තාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉඩමේ හිමිකරු මාධ්‍ය වෙත පවසා සිටි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම කුළුණ ගාසා තීරය පවත්වාගෙන යන සටන්කාමී ඉස්ලාමීය කන්ඩායම වන හමාස් හි බුද්ධි අංශවලට අයත් “මිලිටරි වත්කම්” ඇති බවය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *