• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 10

දඩයක්කාරයා, දඩයම වූ අපූරුව අනධ්‍යයන ලොක්කාට අසූචි ප්‍රහාරයක්!

10 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 10
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන් සමග ඇතිවූ වාග් සංග්‍රාමය, එතෙක් අනභිභවනීය මානසිකත්වයෙන් කටයුතු කළ අනධ්‍යයන ලොක්කාට ඉතා අවාසිසහගත තත්ත්වයක් ඇති කර තිබුණි. ඔහුගේ නොහික්මුණු හැසිරීමෙන්ද, නින්දා සහගත වදන්වලින්ද දැඩි කලකිරීමට පත්ව සිටි උපකුලපතිවරයා ඔහුට එරෙහිව තදබල තීන්දුවක් ගත යුතු බවට අදිටන් කරගෙන තිබුණි. ඒ අනුව, මීළඟට කැඳවූ විශ්වවිද්‍යාල පාලක සභාවට උපකුලපතිවරයා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කරමින්, අනධ්‍යයන ලොක්කා තමන්ට නින්දා අපහාස කළ අයුරු කරුණු සහ සාක්ෂි සහිතව වාර්තා කරමින් ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. පැමිණිලිකරු උපකුලපතිවරයාම වූ බැවින් එකී සිදුවීම පාලක සභාව වෙත වාචිකව විස්තර කිරීමටද ඔහු කටයුතු කළේය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් පාලක සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි අනධ්‍යයන ලොක්කාගේ වැඩ තහනම් කිරීමටත්, ඔහුට විශ්වවිද්‍යාල භූමිය තහනම් කිරීමටත් තීරණය කළේය. දෛවය ක්‍රියාත්මක වන්නේ හරි අපූරු විදිහටය. තමන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමේ දඩමීමා කරගෙන ප්‍රධාන විනයාරක්ෂක නිලධාරියාව වැඩ තහනම් කිරීමට උත්සාහ කළ අනධ්‍යයන ලොක්කාට, අවසානයේ අනපේක්ෂිත ලෙස වැඩ තහනමකට මුහුණ දීමට සිදුවිය.
තම කාර්යාලයේ තිබූ පෞද්ගලික ලිපිගොනු කිහිපයක් කිහිල්ලේ රඳවාගත් අනධ්‍යයන ලොක්කා, හිස බිමට නැඹුරු කරගෙන සනාථන මන්දිරයෙන් පිටව ගියේ නැවත කෙටි කලෙකින් තම තනතුරට ආපසු එන්නට හැකිවෙතැයි බලාපොරොත්තු තබාගෙනය. එහෙත් යළි කිසි දිනෙක ඔහුට ඒ පුටුවට වාඩි වීමට හැකියාවක් ලැබුණේ නැත.
එකල ඔහු පදිංචිව සිටියේ සී 15 දරණ විශ්වවිද්‍යාල නිල නිවාසයේය. විජේවර්ධන නේවාසිකාගාරයට ආසන්නයෙන් රජවත්ත මාර්ගයේ පිහිටි මෙම නිල නිවාසයට කොටු වූ, තටු කැපූ අනධ්‍යයන ලොක්කා, ඉන් අනතුරුව තම කල්‍යාණ මිතුරන් වූ අපරාධ සහායකයන් දෙදෙනාද සමග එම නිල නිවසේදී නිතර රහස් සාකච්ඡා පවත්වමින් වෑන් රථය ගිනි තැබීමේ සිදුවීම යට ගසන්නේ කෙසේදැයි සැලසුම් සකස් කළේය.
අංක සී 15 නිල නිවාසය පිහිටි රජවත්ත මාර්ගය විශාල ගස්වලින් ආවරණය වූ ස්වභාවයෙන්ම අඳුරු ප්‍රදේශයකි. එම නිල නිවෙස් පේළියට ඉදිරියෙන් කොළඹ-නුවර දුම්රිය මාර්ගය පිහිටා තිබූ අතර, එහි ජනාවාස නොමැති වීම නිසා පාලු ස්වභාවය තවත් තීව්‍ර විය. එක්තරා රාත්‍රියක 7ට ආසන්න වේලාවක මෙම නිවසේ දොරට කිසිවෙකු තට්ටු කළේය. සාලයේ සුවපහසු අසුනක වාඩිවී රූපවාහිනිය නරඹමින් සිටි අනධ්‍යයන ලොක්කා, දොර විවෘත කළේය.
අඳුරේ සිටි නාඳුනන පුද්ගලයෙක් බාල්දියක තිබූ කිසියම් උකු දියරයකින් අනධ්‍යයන ලොක්කාට පහරදී ක්ෂණයකින් පැන දිව ගියේය. අනධ්‍යයන ලොක්කාගේ මුවෙහි, හිසේ සිට දෙපතුල දක්වාම, නිල නිවසේ දොරෙහි, සාලය පුරාම මෙම උකු දියරය විසිරී තිබුණි. ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හාත්පස පැතිර ගියේය. කෑ ගසාගෙන එතැනට දිව ආ අනධ්‍යයන ලොක්කාගේ බිරිඳ වහාම නාසය වසාගත්තේ දුර්ගන්ධය ඉවසිය නොහැකි වූ බැවිනි. තමන්ට අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ඔහු වටහා ගත්තේය. ප්‍රහාරකයන් ඒ වන විටත් රජවත්ත දෙසින් අඳුරට මුසුව අතුරුදහන්ව තිබුණි.
කියවන්නාගේ නළල රැලි ගැසී යාමට ඉඩ ඇතත්, මේ ටිකත් කිව යුතුය. කෙතරම් අපරාධයක් සිදුකළ පුද්ගලයෙකුට වුවද, නීතියෙන් පරිබාහිර සහ සදාචාර සම්පන්න නොවන මෙවැනි පළිගැනීම් ශිෂ්ට සම්පන්න ජනතාවකට කිසිවිටෙක අනුමත කළ නොහැක. විශ්වවිද්‍යාල භූමියක් තුළ මෙවැනි පහත් පෙළේ පළිගැනීම් සිදු නොවිය යුතුය. පැය 24 පුරාම ක්‍රියාත්මක ආරක්ෂක සේවයක් සහිත, ආරක්ෂිත විය යුතු භූමියක මෙවැනි අපරාධ සිදුකර නිරුපද්‍රිතව පලායාමට හැකිවීමම විශාල ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවද, එවැන්නක් අද වන තෙක්ම සිදුව නැත. එනිසාම එකී ප්‍රහාරය පූර්වාදර්ශ කොටගත් එවැනිම පහත් ක්‍රියා ගණනාවක් ඉන් පසුද සිදුවිය. අද දිනය වන තෙක්ම ඒ කිසිවක් නිසි සොයා බැලීමකට ලක් නොවී “ඇඩ්‍රස් නැති” තත්ත්වයට පත්ව තිබීම පේරාදෙණියේ ශිෂ්ටත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයකි.
– මතු සම්බන්ධයි
Post Views: 14
Previous Post

ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා

Next Post

හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අල්ලස් කොමිසම සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ඇමති  රාජිත සේනාරත්නට එරෙහිව  අධි චෝදනා ගොනු කිරීමට  අල්ලස් කොමිසම සූදානම්

හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අල්ලස් කොමිසම සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved