පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත‍්‍ර පීඨයේ, පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ, මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන එච්.එම්.මහින්ද හේරත් විසින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පාර්ලිමේන්තු මංත‍්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා මගින් ගොනු කර ඇති මෙම පැමිණිල්ල මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ වැඩබලන අංශාධිපති මහාචාර්ය රත්නායක එම් අබේරත්න, නියෝජ්‍ය ලේඛකාධිකාරී තුෂාරි අමරසේන, සම්මානිත මහාචාර්ය පී.ඞී. පේ‍්‍රමසිරි, ආචාර්ය කසුන් ධර්මසිරි සහ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ, අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරන, මහාචාර්ය වසන්ත අතුකෝරල යන අය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ගේ අනුබලය සහ ආශීර්වාදය සහිතව, පැමිණිලිකරු ගර්භාවට සහ නින්දාවට පත්කිරීමේ සහ පැමිණිලිකරු සිය රැකියාවෙන් නෙරපා හැරීමේ අරමුණු පෙරදැරි කරගෙන සිදුකරනු ලබන අගතිදායක ක‍්‍රියාවන්ට එරෙහිව පරීක්‍ෂණයක් ඉල්ලා සිට තිබේ.
වගඋත්තරකරුවන් විසින් පැමිණිලි කරුට එරෙහිව ව්‍යාජ චෝදනා නගමින් පාලි හා බෞද්ධ අධ්‍යනාංංශයේ අංශ ප‍්‍රධාන තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එකී ව්‍යාජ චෝදනා පදනම්කර ගනිමින් පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්‍ෂණයක්ද ආරම්භකොට පවත්වාගෙන යමින් තිබෙන බවත් පැමිණිල්ල මගින් දක්වා ඇති අතර රාජ්‍ය සේවකයෙකු ලෙසත් ශ‍්‍රී ලංකා පුරවැසියෙකු ලෙසත් පැමිණිලිකරුගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින්, පවත්නා සියළු නීති රීතීන් උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා යුක්තිය ඉෂ්ඨ කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිට ඇත.
















