• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොව මරණ අටකින් එකකට වගකිවයුත්තා දුම්කොළයි…

වසරකදී මිලියන 7ක් බිලිගත් මාරාන්තික බලපෑම!

9 June 2026
in දේශීය, පුවත්, විශේෂාංග
ලොව මරණ අටකින් එකකට වගකිවයුත්තා දුම්කොළයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා සිදුවන සෑම මරණ අටකින් එකකටම (1/8) දුම්කොළ භාවිතය සෘජුවම බලපාන බවත්, 2023 වසරේදී පමණක් ඒ හේතුවෙන් ලෝකවාසීන් මිලියන 7කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇස්තමේන්තුගත නවතම පර්යේෂණ දත්ත මඟින් අනාවරණය කරගෙන තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති ලෝක දුම්කොළ පාලන සමුළුවේදී (World Conference on Tobacco Control) ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය දර්ශක සහ ඇගයීම් ආයතනය (IHME) විසින් ගෝලීය රෝග බර පිළිබඳ අධ්‍යයනය (Global Burden of Disease) ඇසුරින් සකස් කරනු ලැබූවකි.
මෙම පර්යේෂණ දත්තවලට අනුව, පිරිමින් අතර සිදුවන මරණ සඳහා බලපාන ප්‍රධානතම අවදානම් සාධකය දුම්කොළ භාවිතය වන අතර 2023 වසරේදී ඒ හේතුවෙන් පිරිමි මරණ මිලියන 5.59ක් වාර්තා වී ඇත. කාන්තාවන් අතර සිදුවන මරණ සඳහා එය හත්වන ස්ථානයේ පසුවන අතර, එම වසරේදී වාර්තා වූ කාන්තා මරණ සංඛ්‍යාව මිලියන 1.77කි. මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ 1990 වසරේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යය (UK) වැනි රටවල් දුම්කොළ ආශ්‍රිත මරණ 45%කින් අඩු කර ගැනීමට සමත්ව තිබුණද, සමස්ත ගෝලීය වශයෙන් එම මරණ අනුපාතය 24.4%ක සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීමයි. විශේෂයෙන්ම ඊජිප්තුව වැනි රටවල 1990 වසරට වඩා 2023 වන විට දුම්කොළ ආශ්‍රිත මරණ 124.3%ක අතිදැවැන්ත වර්ධනයක් පෙන්වන බව IHME පර්යේෂක බෲක්ස් මෝගන් (Brooks Morgan) මහතා සඳහන් කරයි.
මීට අමතරව ආර්ජන්ටිනාවේ සායනික හා සෞඛ්‍ය සලකා බැලීම් පිළිබඳ ආයතනය (IECS) විසින් බොලිවියාව, හොන්ඩුරාස්, නයිජීරියාව, පැරගුවේ සහ උරුගුවේ යන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් 5ක් ඇසුරින් කළ වෙනත් පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ, දුම්කොළ භාවිතය නිසා එම රටවල වසරකට මරණ 41,000ක් සිදුවන අතර වෛද්‍ය වියදම් සහ ශ්‍රම ශක්තිය අහිමිවීම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක (එම රටවල ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් පමණ) දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා මෙම සමුළුවේදී අවධාරණය කළේ, දුම්කොළ සමාගම් විසින් තරුණ පරපුර ඉලක්ක කරගනිමින් විද්‍යුත් සිගරට් (Vapes) වැනි නවීන නිකොටින් නිෂ්පාදන හඳුන්වා දෙමින් සිටින බවයි. මේ නිසා රජයන් විසින් බදු මුදල් තවදුරටත් ඉහළ නැංවිය යුතු අතර, එමඟින් ලැබෙන ආදායම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරමුදල් හිඟය පියවා ගැනීමට යොදාගත හැකි බව ද ඔහු යෝජනා කළේය. මේ අතර, චීනයේ ෆුඩාන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධිය (AI) සහිත ජංගම දුරකථන මෘදුකාංගයක් මඟින්, දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ සාර්ථකත්වීමේ ප්‍රවණතාව දෙගුණයකින් ඉහළ නැංවිය හැකි බව ද පර්යේෂණාත්මකව තහවුරු කර තිබේ.
Post Views: 0
Previous Post

තලවතුගොඩ අවන්හලක ඇති වූ ගින්නෙන්

Next Post

පේරාදෙණිය උපකුලපති ඇතුළු පිරිසකට එරෙහිව මහාචාර්ය මහින්ද හේරත්ගෙන් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved