• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාලක් – අගමැතිගෙන් උපදෙස්

31 August 2020
in සංවර්ධන

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (31) කියා සිටියේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය.

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඊට පිළියම් යෙදුවේය.

මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල සහ කලා භවන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලූ අග්‍රාමාත්‍යවරයා රුපියල් මිලියන 1600 ක වියදමින් පිළිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුධ හමුදාව සම්බන්ධ කර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් පවත්වන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් විය.

ලබන නොවැම්බර් මාසයේදී හලාවත ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ජාතික කලා මහෝත්සවය පැවැත්වෙන අතර “දේශනේතෘ සම්මාන“ ප්‍රදානය සහ “දිස්ත්‍රික් කලාකරු සම්මාන“ ප්‍රදානය පිළිබඳවද අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී.

මෙවර එක් දිස්ත්‍රික්කයකට සීමා වන මෙම කලාකරු සම්මාන ප්‍රදානය මීළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පවත්වන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

දිවයින පුරා පිහිටි අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19 ක් ඉදිරි මාස 03 ක කාලය තුළ විවෘත කරන ලෙසත්, ඊට අවශ්‍ය කාර්යය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිඳු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව මෙම අවස්ථාවට එක්ව සිටි රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ප්‍රවීන රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා කියා සිටියේය.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(ප්‍රවර්ධන) විජිත නන්දකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

Next Post

විග්නේශ්වරන්ට කෑගහන්න හදපු මන්ත්‍රීවරුන් නැවැත්තුවේ තමා බව ඇමැති ජොන්ස්ටන් කියයි

editor

editor

Next Post

විග්නේශ්වරන්ට කෑගහන්න හදපු මන්ත්‍රීවරුන් නැවැත්තුවේ තමා බව ඇමැති ජොන්ස්ටන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved